මැදපෙරදිග යුධ උණුසුම තවමත් - ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කළ ප්‍රහාරවලින් 31ක් ජීවිතක්ෂයට
ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කළ ප්‍රහාර වලින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හිස්බුල්ලා සංවිධානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග වේගවත් කරන බවට ප්‍රතිඥා දීමෙන් පසුව දකුණු හා නැගෙනහිර ලෙබනනය පුරා ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරමින් සිටියි.
එම නවතම ප්‍රහාර රැල්ලෙන් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් ඇති අතර, ඒ අතර ළමයින් කිහිප දෙනෙකු ද සිටින බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.
අප්‍රේල් මැද භාගයේදී ඇමරිකාව මැදිහත් වූ සටන් විරාමය ආරම්භ වූ දා සිට මේ දක්වා වැඩිම ප්‍රහාර එල්ල වූ රාත්‍රියක් බවට ඊයේ (26) පත්ව තිබුණි
එම ප්‍රහාර වලින් සටන්කරුවන් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. තවද හිස්බුල්ලා සටන්කාමීන් කටයුතු කළේ දකුණු ලෙබනනයේ කොටස් අල්ලාගෙන සිටින ඊශ්‍රායල හමුදා වෙත රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර දියත් කිරිමටයි .