රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන්ට රු.3000ක්.. ලැබෙන කාලය සමඟ සම්පූර්ණ විස්තරය මෙතනින්..

Report

අද (24) රැස් වූ කැබිනට් මණ්ඩලයේ දී රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට අනුමත කර තිබෙනවා.

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන්ට රු.3000ක්.. ලැබෙන කාලය සමඟ සම්පූර්ණ විස්තරය මෙතනින්.. | 3000 To Government Service Pensioners

ඒ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ ය.

ඒ අනුව මෙම විශේෂ මාසික දීමනාව 2024 සැප්තැම්බර් මස සිට වැටුප් විෂමතා නිවැරදි කරන තෙක් ගෙවීමට නියමිතය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ මෙවැන්නකී, 

"රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් වෙනම කමිටුවක් පත් කරලා තිබෙනවා. සෑම ක්ෂේත්‍රයකම තිබෙන වැටුප් විෂමතා එකවර විසඳන්න තමයි කමිටුව පත් කළේ. ඒ අතරතුර ඒ කමිටුවේම අදහසක් අනුව තමයි මේ කටයුතු සම්පූර්ණ වෙනකම් විශ්‍රාමිකයන්ට සැප්තැම්බර් මාසයේ සිට රුපියල් 3000ක දීමනාවක් දෙන්න තීරණය කළේ. ලක්ෂ 7කට විතර ඒ ප්‍රතිලාභය ලැබෙනවා."