ගෝල්ෆේස් මුහුදු තීරයේ නාන්න ගිය තිදෙනෙකු ගසාගෙන යයි
ගෝල්ෆේස් මුහුදු තීරයේ දිය නෑම සඳහා ගිය තිදෙනෙකු අද (10) පස්වරුවේ ගසාගෙන ගොස් තිබේ.
ඉන් දෙදෙනෙකු බේරාගෙන ඇති අතර, එක් අයෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
ළමුන් තිදෙනෙක් මුහුදේ ගිලී ඇති අතර දෙදෙනෙකු රෝහල්ගත කර තිබෙනවා එන් එක් දරුවෙක් අසාධ්‍ය බව සදහන් කර ඇත.
තවත් දරුවෙක් දියගිලි අතුරුදහන් වී ඇත.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ මාලිගාවත්ත ප්‍රදේශයේ සිට පැමිණි වයස අවුරුදු 15ක පමණ පසුවන පාසල් සිසුන් පිරිසකි.
ඔවුන් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෙස පැමිණ මෙලෙස මුහුදට බැස ඇති අතර, ඉන් තිදෙනෙකු මෙලෙස අනතුරට මුහුණ පා තිබේ
අතුරුදහන් වූ සිසුවා සෙවීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් මේ වන විට විශේෂ සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත