ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන්ට විරුද්ධව වාරණ නියෝග 3ක්.

SLFP Sri Lanka Politician
By Gagana Apr 24, 2024 10:11 AM GMT
Gagana

Gagana

Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

එමෙන් ම, වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා විසින් ගනු ලැබුණත් තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක්ද අධිකරණය නිකුත් කරනු ලැබීය.

තව ද, පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස දුෂ්මන්ත මිත්‍රපාල කටයුතු කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක් නිකුත් කළේය.

කොළඹ දිසාවිනිසුුරු සඳුන්විතාන විසින් මෙම වාරණ නියෝග නිකුත් කළේ, ලසන්ත අලගියවන්න ,මහින්ද අමරවීර යන අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව ය.

මැයි මස 08 දක්වා මෙම වාරණ නියෝගය බලපැවැත්වෙන බවත් එම නියෝගයේ සඳහන් වුණි. 

..................................................

May you Like