ශෙයික් හසීනා මව් රටට එන්න ඕනිනම් නීතී තුනකට යටත් වෙන්න කියයි
බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා පවසන්නේ, තමන් බංග්ලාදේශයට යළි පැමිණීමේ තීරණය කරුණු තුන මත රඳා පවතින බවය.
ඒඅනුව ප්‍රජාතන්ත්‍රවාදය යථා තත්ත්වයට පත් කිරීම අවාමි ලීගය සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීම නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම යන කරුණු සම්පූර්ණ විය යුතු බව ඇය පවසයි.
ඉන්දීය මාධ්‍ය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ඇය මෙම අදහස් පල කර ඇත. තවද, තමන්ට රැකවරණය ලබා දීම පිළිබඳව ඉන්දීය රජයට සහ එරට ජනතාවට ස්තූතිය පල කරන බවද ඇය ප්‍රකාශ කර තිබේ.
ගත වසරේ අගෝස්තු මාසයේ බංග්ලාදේශයේ ඇති අරගලය අතරතුර, ශෙයික් හසීනා රටෙන් පළා ගියේය.