රාජ්‍ය සේවයට අලුත්ම බලාපොරොත්තුවක් - සුබ ආරංචියක් මෙන්න.

Report

ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදුකරන ගුරුවරුන් 2,500ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

රාජ්‍ය සේවයට අලුත්ම බලාපොරොත්තුවක් - සුබ ආරංචියක් මෙන්න. | 2500 Teachers In English Medium

මෙම යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත්තේ “සැමට ඉංග්‍රීසි” වැඩසටහන යටතේ ය.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ විෂයන් ඉගැන්වීම සඳහා දැනට අනුමත ගුරුවරුන් සංඛ්‍යාව 4,441ක් වේ.

නමුත් ඒ සඳහා ගුරුවරුන් 6,500ක පමණ අවශ්‍යතාවයක් පවතින බව සඳහන් වේ.

බොහෝ පාසල්වල දැනට සේවයේ නියුතු සංඛ්‍යාවට අතිරේකව අවශ්‍ය කටයුතු සැලසුම් කරගනිමින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් පුළුල් කර ඇත.

එමෙන්ම, පාසල් 765ක් සම්බන්ධයෙන් සිදු කරන ලද ඇගයීමකදී ඒ බව හඳුනාගෙන ඇත.

ගාස්තුවක් ඉහළට - කැබිනට් අනුමැතියත් ලැබෙයි.. (PHOTO)

ගාස්තුවක් ඉහළට - කැබිනට් අනුමැතියත් ලැබෙයි.. (PHOTO)


කෙසේ වෙතත්, ඒ අනුව දැනට ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් ඉගැන්වීම් සිදු කරනු ලබන පාසල් 765ක ප්‍රමාණය 2024 වර්ෂය තුළදී පාසල් 1,000ක් දක්වා වැඩි කරමින් ගුරු අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් උගන්වනු ලබන අනුමත ගුරු සංඛ්‍යාව 6,500 ක් දක්වා වැඩි කිරීමේ අරමුණින් අමාත්‍ය මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.