රතිඤ්ඤා කම්හලක පිපිරීමකින් පුද්ගලයින් 23 දෙනෙකු දැවී අළු වෙයි

Report

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ විරුදුනගර් ප්‍රදේශයේ කට්ටානර්පට්ටි ගම්මානයේ පිහිටි රතිඤ්ඤා නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදුවූ දැඩි පිපිරීමකින් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 12 දෙනෙකු තුවාල ලබා ඇත.

රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරන ලද ගබඩාවක පස්වරුවේ මෙම පිපිරීම සිදුව ඇති අතර, පිපිරීමේ බලපෑම ඉතා දැඩිවී කාමර හතරක් සම්පූර්ණයෙන්ම විනාශ වී යාබද ගොඩනැගිලි කිහිපයක්ද සමතලා වී ඇති බව වාර්තා වේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන හා ගලවා ගැනීමේ සේවා පැය කිහිපයක් පුරා කටයුතු කර ඇති අතර අවසානයේ ගින්න පාලනය කර ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ද්‍රෞපදී මුර්මු ජනාධිපතිවරිය සහ නරේන්ද්‍ර මෝ අගමැතිවරයා මරණයට පත් වූ පවුල්වලට ශෝකය පළ කරමින්, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබේ. 

ඉන්දියාවේ බිහිසුණු අනතුරක් - පුද්ගලයින් 21 දෙනෙකු මරුට

ඉන්දියාවේ බිහිසුණු අනතුරක් - පුද්ගලයින් 21 දෙනෙකු මරුට

ට්‍රම්ප්ගේ "Truth Social" සටහන ලෝකයම කළඹයි - හෝමූස් අවහිරය දිගටම

ට්‍රම්ප්ගේ "Truth Social" සටහන ලෝකයම කළඹයි - හෝමූස් අවහිරය දිගටම