රටම බලා සිටින තීන්දුව සති තුනකින් පාර්ලිමේන්තුවට දැනුම් දෙයි - ''22 වැනි සංශෝධනය ගැන අවසන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන්'' බව ඇමති නලීන්ද කියයි

Report

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති සියලු පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (01) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් අවශ්‍යද නැද්ද යන්න තීරණය කරනු ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පරිබාහිරව අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට කිසිදු හැකියාවක් නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

එම කරුණ 22 වැනි සංශෝධනයට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කර ඇති සියලු පාර්ශ්වයන් අවබෝධ කරගත යුතු බවද ඔහු සඳහන් කළේය. අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, අද සිට සති තුනක කාලයක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයට අදාළ පෙත්සම් සලකා බැලීමට හැකි බවත්, එම ක්‍රියාවලිය අවසන් කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවත් වැඩිදුරටත් පැවසිය.

"මේ පෙත්සම් සියල්ලම සලකලා බලලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරාවී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක පමණක් ප්‍රමාණවත්ද නැත්නම් තුනෙන් දෙකට අමතරව ජනමත විචාරණයකුත් අවශ්‍යද කියලා. විපක්ෂය හරි ආණ්ඩු පක්ෂය හරි කවුරු හරි එහෙම ඉල්ලාවයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් පිට ජනමත විචාරණයක් දෙන්න කාටවත් බෑ. ඒක පෙත්සම් ඉදිරිපත් කරපු හැමෝම දැනගන්න ඕනේ. අද ඉඳලා සති තුනක් ශ්‍රේෂ්ඨාධිකරණයට කාලය තියෙනවා තීන්දුව ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තුවට ඊට පස්සේ අපි බලමු. ඒ ජනමත විචාරණයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටීම හෝ ජාතික ජන බලවේගය ලෙස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම් පැවැත්වීම අතර කිසිම සම්බන්ධයක් නෑ."

“රටම බලා සිටි 22 ගැන තීරණයක් දෙයි'' - පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග කිරීමට කළ ඉල්ලීම ඉවතට

“රටම බලා සිටි 22 ගැන තීරණයක් දෙයි'' - පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග කිරීමට කළ ඉල්ලීම ඉවතට

රටේ සැඟවුණු ඛනිජ සම්පත් සොයන්න රජය සැරසෙයි - අපනයන ආදායම ඉහළ නංවා ඩොලර් ගෙන්වීමට නව සැලසුමක්

රටේ සැඟවුණු ඛනිජ සම්පත් සොයන්න රජය සැරසෙයි - අපනයන ආදායම ඉහළ නංවා ඩොලර් ගෙන්වීමට නව සැලසුමක්