මුළු රටම නොඉවසිල්ලෙන් බලා සිටි තීරණය අද - විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (18)දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලැසුම් කර ඇත.
එවන් පසුබිමක එය මේ වනවිට න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා.
ඒ අනුව එම කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානයක්කාර මහතා විසින් ඉදිරිපත් කරනු ඇති බව සඳහන්. එමඟින් අධිකරණ සංවිධාන (සංශෝධන), 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතට සංශෝධන එක්කිරීමට නියමිතයි.
එසේම මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට රජය තීරණය කළ අතර ඊට මුල් අවස්ථාවේ සිටම ත්‍රෛනිකායික මහානායක හිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම ජාත්‍යන්තර සංවිධාන රැසකින් විරෝධය එල්ල වී තිබුණා.
එම විරෝධය මැද අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත රජය පසුගිය 7 වැනි දින ගැසට් මඟින් ප්‍රකාශයට පත්කිරීමට පියවර ගෙන තිබුණා.
එසේම ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර, එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි දින 14ක කාලසීමාවක් හිමි වෙයි.
එසේම එම පෙත්සම විභාග කර දින 3ත් - 21ත් අතර කාලයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය පාර්ලිමේන්තුවට දැන්විය යුතු වේ.