2027 පාසල් වාර සටහන සහ නිවාඩු දින දර්ශනය නිකුත් වෙයි- පාසල් දින ගණන 197ක්
2027 වර්ෂයට අදාළ පාසල් වාර සටහන, රජයේ නිවාඩු දින දර්ශනය සහ ප්‍රධාන විභාග පැවැත්වෙන කාලවකවානු ඇතුළත් චක්‍රලේඛය (අංක 31/2026) අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
මෙම චක්‍රලේඛයට අනුව 2027 වර්ෂය තුළ රජයේ නිවාඩු දින හා විභාග කාලසටහන් සලකා බලමින් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් මෙන්ම පිරිවෙන් දින 197ක් පැවැත්වීමට සැලසුම් කර ඇත සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු වාරය 2027 ජනවාරි 4 (සඳුදා) සිට 2027 අප්‍රේල් 09 (සිකුරාදා) දක්වා පැවැත්වේ.
දෙවන වාරය 2027 අප්‍රේල් 26 සඳුදා සිට 2027 ජූලි 30 තෙක් පැවැත්වේ.
තෙවන වාරය 2027 අගෝස්තු 30 සඳුදා සිට 2027 දෙසැම්බර් 03 (සිකුරාදා) දක්වා.
මුස්ලිම් පාසල් සඳහා වාර සටහන
මුස්ලිම් පාසල් සඳහා පළමු සහ දෙවන වාර කිහිපයකට බෙදා පවත්වනු ලැබේ:
අ.පො.ස. උසස්පෙළ විභාගය අගෝස්තු මාසයේත්, සාමාන්‍ය පෙළ විභාගය 2027 දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව ඇත
සුවිශේෂී හේතුවක් මත යම් පාසල් දිනයක් වැසීමට සිදු වුවහොත් ඒ වෙනුවෙන් හිලව් සැසි පැවැත්විය යුතුව තිබේ.
Term-Plan-2027-Sinhala_20260821_052526_792 by kanchana

