මෙවර අයවැයෙන් කවුරුත් නොසිතූ විශේෂ පොලී යෝජනා ක්‍රමයක්
By Sewvandhi
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ පොලී යෝජනා ක්‍රමයක් මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ.
මෙම යෝජනා ක්‍රමය යටතේ අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සුදුසුකම් ලබන බවයි, අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.
ජනාධිපතිවරයා පැවසුවේ, ඔවුන්ගේ මූල්‍ය ස්ථාවරය සහතික කිරීම සඳහා රු මිලියනයක වසරක ස්ථාවර තැන්පතු සඳහා වෙළෙඳපොළේ පවතින පොලී අනුපාතිකයට වඩා සියයට 3ක වාර්ෂික පොලී අනුපාතයක් ලබාදීමට කටයුතු කරන බවයි.
මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවිය යුතු සියයට 3% පොලියට අවශ්‍ය ප්‍රතිපාදන සඳහා රු මිලියන 15,000ක් වෙන් කෙරෙන අතර, එය ෆ්ස්2025 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
