2024 ජනපති සටනේ මනාපය කාට ද?. උණුසුම මැද, තීරණය ඔබේ අතේ..

Sri Lanka Politician Election Latest Headlines Decision Making Sri Lanka Presidential Election 2024
By krishani Aug 26, 2024 04:29 PM GMT
krishani

krishani

Report

එළඹෙන 2024 ජනාධිපතිවරණය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් ජනාධිපතිවරණයක් වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට ආදළ ඡන්ද විමසීම සැප්තැම්බර් 21 වන දාට යෙදී ඇත.

2022 වසරේ රට මුහුණ දුන් බරපතළ ආර්ථික අර්බුදයෙන් පසු පැවැත්වෙන පළමු ජනාධිපතිවරණය මෙය වීම විශේෂත්වයක් වේ.

එම කාල වකවානුව තුළ ශ්‍රී ලංකාවේ මෙම ආර්ථික අර්බුදය ආහාර, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකට තුඩු දුන්නේ ය.

එය අවසානයේ ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බවට ප්‍රකාශයට පත් කිරීමට ද හේතු විය.

ඒ අනුව ලංකාව පුරා, පුළුල් විරෝධතා ඇති වූ අතර එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා ගොස් ධූරයෙන් ඉල්ලා අස්වීමට පවා සිදු විය.

ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගත තත්ත්වයත් සමග ශ්‍රී ලංකාවේ බදු සංශෝධන හා දුර්වල ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් රට තවදුරටත් බිඳ වැටිණ.

එලෙස රට බංකොලොත්භාවයට පත් වීමත් සමග රජය ලබාගෙන තිබුණු ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු විය.

එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම් හරහා මේ වන විට ශ්‍රී ලංකාවට ණය වාරික තුනක් හිමිව ඇත.

කෙසේ වෙතත්, රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම උදෙසා වක්‍ර බදු පමණක් නොව ඍජු බදු ද රජය විසින් සැලකිය යුතු මට්ටමකින් ඉහළ දමනු ලැබීය.

එවන් පසුබිමකින් පසුව එළඹෙන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය තීරණාත්මක වූවකී.

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මුදල් තැන්පත් කළ පළමු අපේක්ෂකයා විය.

ඒ අනුව ඔහු ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන අතර ඊට අමතරව, ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයින් වන්නේ, සමගි ජන සන්ධානයේ සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ ය.

එමෙන්ම අගෝස්තු 13 වන දා වන විට ජනාධිපතිවරණය සඳහා ඇප තැබූ පිරිස 36 දක්වා ඉහළ ගොස් තිබුණා.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ පිළිගත් දේශපාලන පක්ෂ 19ක් සහ වෙනත් දේශපාලන පක්ෂ 01ක් මෙලෙස ඇප තැන්පත් කර ඇති බවයි.

තවද ඡන්ද හිමියෙකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයින් සංඛයාව 16ක් වන බවත් එම නිවේදනයේ සඳහන් විය.

කෙසේ වෙතත්, එවන් පසුබිමක 2024 මෙවර ජනාධිපතිවරණය තීරණාත්මක වන අතර ජනපති තෝරන ඡන්ද අයිතිය ඔබ සතු වේ.

ඔබත් රට ගොඩ නගන ඒ තීරණාත්මක අයිතිය වෙනුවෙන් සහභාගී වන්න..