තව පැය කිහිපයයි ඉතුරු.. අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙන දෙයක් ගැන කළ විශේෂ දැනුම්දීම මෙන්න..

Report

2024 ජනාධිපතිවරණයට තරග වැදුණු අපේක්ෂකයින්ට සිය මැතිවරණ වියදම් වාර්තා ලබා දීමට දී තිබූ කාලය අද (13) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වේ.

අද දහවල් වනවිට අපේක්ෂකයින් 38 දෙනා අතුරින් 20 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා ලබා දී තිබූ බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

වහාම ගුවන් හමුදාව තීරණයක් අරන්.. ලක ලෑස්තිත් වෙයි.. හෙලිකොප්ටර් 03කුත් ස්ථානගත කරලා.. කරන්න යන දෙය මෙන්න..

වහාම ගුවන් හමුදාව තීරණයක් අරන්.. ලක ලෑස්තිත් වෙයි.. හෙලිකොප්ටර් 03කුත් ස්ථානගත කරලා.. කරන්න යන දෙය මෙන්න..


සැප්තැම්බර් මස 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයට තරග වැදුණු අපේක්ෂකයින්ට එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැය කළ හැකි මුදල රුපියල් 109කට සීමා කරමින් මැතිවරණ කොමිසම ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණේ ය.

ඒ අනුව එම අපේක්ෂකයින්ට සිය මැතිවරණ වියදම් වාර්තාව මැතිවරණ කොමිසමට ලබා දීමට දින 21ක කාලයක් ලබා දී ය.

පොලිසිය හා හමුදාව යොදවා ආරක්ෂාව තර කරන්න තීරණයක්.. දින 03ක විශේෂ නිවාඩුකුත් ප්‍රකාශයට..

පොලිසිය හා හමුදාව යොදවා ආරක්ෂාව තර කරන්න තීරණයක්.. දින 03ක විශේෂ නිවාඩුකුත් ප්‍රකාශයට..


එය අද මධ්‍යම රාත්‍රී 12න් අවසන් වන බව මැතිවරණ කොමිසම පැවසීය.

කෙසේ වෙතත්, ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 38 දෙනා අතුරින් 20 දෙනෙකු අද දහවල් වනවිට එම වාර්තා ලබා දී තිබුණේ ය.