හෙට හරියටම දහවල් 12ට.. රටම බලාපොරොත්තු ගොන්නක් පොදි බැදන් ඉන්න මීළඟ ජනාධිපති කවුද?.
හෙට (14) දහවල් 12න් මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අවසන් කිරීමට නියමිතව තිබෙනවා.
මේ වන විට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට පුද්ගලයින් 32කු ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.
ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 16ක් සහ වෙනත් දේශපාලන පක්ෂයක් ඒ අතර වේ.
එමෙන්ම, ස්වාධීන අපේක්ෂකයින් ලෙස පුද්ගලයින් 15 දෙනෙකු ද ඉදිරි ජනාධිපතිවරණය සඳහා මේ වන විට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
අද (13) දිනයේ ද තවත් පිරිසක් ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අනිද්දා (15) පෙරවරු 9ට ආරම්භ කිරීමට නියමිත ය.
ඒ අනුව එය පෙරවරු 11 දක්වා ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
කෙසේ වෙතත්, නාමයෝජනා භාරගැනීමේ දිනයේ දී මැතිවරණ කාර්යාලය ආශ්රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.