2024 මුල් මාස 06 තුල පාකිස්ථානයේ ළමා අපචාර 1500 ඉක්මවයි...

By Parami Dissanayake Aug 09, 2024 01:54 PM GMT
Report

2024 වසරේ පළමු මාස 6 තුළ පමණක් පාකිස්තානයේ ළමා අපචාර සිද්ධීන් 1,630ක් සිදුව ඇති බවට අනාවරණ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට රාජ්‍ය නොවන සංවිධානයක් විසින් මෙම අනාවරණය සිදුකර ඇති බව ද සඳහන් වේ.

දළඳා පෙරහැර නරඹන්නන්ගෙන් ඉල්ලීමක්...

දළඳා පෙරහැර නරඹන්නන්ගෙන් ඉල්ලීමක්...

අදාළ කාලය තුළ ළමා ලිංගික අපයෝජන සිද්ධීන් 862ක්, පැහැරගැනීම් 668ක්, අතුරුදන්වීම් 82ක් සහ ළමා විවාහ සිද්ධීන් 18ක් සිදුව ඇති බව වාර්තා වේ.

එමෙන් ම, වැඩි වශයෙන් අපයෝජනයට ලක්ව ඇත්තේ, වයස අවුරුදු 6 ත් 15 අතර වයස් කාණ්ඩයේ ළමුන් බව අනාවරණය වී ඇත.