2023 ජනවාරියේ උසස් පෙළ පෙනී සිටි සිසුන්ට විශේෂ දැනුම්දීමක්.
Sri Lanka
G.C.E.(A/L) Examination
Sri Lankan Schools
By Wayomi
2023 වර්ෂයේ ජනවාරි මස පැවැත් වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඔවුන් දැනුම් දෙන්නේ, 2023 වර්ෂයේ ජනවාරි මස පැවැත් වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට මුල්‍යාධාරා ලබා දීම සඳහා අයදුම්පත් භාර දෙන ලෙසයි.
මෙහිදී මෙම අරමුදල් හිමි වන්නේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ට වෘත්තීය පුහුණු පාඨමාලාවක් (NVQ) හැදෑරීම වෙනුවෙන් බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව අදාළ සිසුන් සඳහා රුපියල් 25,000ක උපරිම මුදලකට යටත්ව මෙම මුල්‍යාධාරා ලබා දීමට නියමිත අතර මේ සඳහා අදාළ අයදුම්පත හා විස්තර www.etfb.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගැනීමට හැකියාවක් පවතිනවා.
