සයිබර් කලාපයෙන් තවත් ශ්‍රීලාංකිකයින් 20ක් මුදා ගනී..

By Piyumika Aug 15, 2024 02:14 AM GMT
Report

මියන්මාරයේ සයිබර් අපරාධ කලාපයේ සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු ඉන් මුදාගැනීමට සමත්ව තිබේ.

අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස මේ වන විට තායිලන්තයේ ආගමන විගමන දෙපාර්තමේන්තුව භාරයේ සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් නොවන බව අගමැතිගෙන් ප්‍රකාශයක්..

මෙවර ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් නොවන බව අගමැතිගෙන් ප්‍රකාශයක්..

ඔවුන් සියලුදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව සඳහන් ය.

තායිලන්තයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා එම පිරිස මෙරටට ගෙන්වාගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

භයානක තත්ත්වයක් පිළිබඳ නැවත අනතුරු ඇගවීමක්..

භයානක තත්ත්වයක් පිළිබඳ නැවත අනතුරු ඇගවීමක්..

මියෙන්මාරයේ සයිබර් අපරාධ කලාපයේ ශ්‍රී ලාංකිකයින් 56 දෙනෙකු පමණ බලහත්කාරයෙන් රඳවාගෙන සිටි අතර ඉන් අට දෙනෙකු පසුගිය මාර්තු මාසයේ මුදාගනු ලැබීය.

තවත් ශ්‍රී ලාංකිකයින් 28 දෙනෙකු පමණ මියන්මාරයේ සයිබර් අපරාධ කලාපයේ රඳවාගෙන සිටින බව වාර්තා වේ