හෙද සේවයේ ප්‍රශ්න විසදුමක් නැති ගොඩයි, මෙන්න විස්තරේ

Report

 මේ වනවිට රජයේ රෝහල්වල හෙද හෙදියන් 20,000කගේ හිඟයක් මතුව ඇති බවත් හෙද කාර්ය මණ්ඩල මුහුණ දී තිබෙන ප්‍රශ්න විසඳීමට සාකච්ඡාවක් නොදෙන සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු වත්මන් ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙතට එරෙහිව දැවැන්ත වර්ජනයකට යන බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය ප්‍රකාශ කරයි.

බොරැල්ල රජයේ හෙද නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේ ඊයේ (10 වැනිදා) පුවත්පත් සාකච්ඡාවක් කැඳවමින් සභාපතිවරයා මේ බව සදහන් කර තිබේ.

ඔහු මෙම සාකච්ඡාවේදී පෙන්වා දුන්නේ වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසුව හෙද හෙදියන්ට නිවාඩු ගෙන විදේශ රටවල හෙද වෘත්තියට යොමුවීමට තිබූ අවස්ථාව අහෝසි කළ බවත් මේ නිසා වසර පහක කාලයක් නිවාඩු ගෙන ආර්ථික අමාරුකම් විසඳා ගැනීමට තිබූ අවස්ථාවද අහිමි කර ඇති බවයි.

වැලගෙඩියක් හින්දා සිඟිත්තියක් මරු තුරුලට – දරාගත නොහැකි වූ පියා වස බොයි

වැලගෙඩියක් හින්දා සිඟිත්තියක් මරු තුරුලට – දරාගත නොහැකි වූ පියා වස බොයි

මෙරට ඩොලර් උපයා ගැනීම සඳහා ඉකුත් පාලනය මගින් හෙද හෙදියන්ට ලබාදී තිබූ අවස්ථාව වත්මන් පාලනය මගින් අ​හෝසි කළත් මේ වන විට රජයේ හෙද සේවය අතහැර දමා විදේශ ගතවීමට හෙද හෙදියන් පෙලඹී සිටින බවද රත්නප්‍රිය මහතා සඳහන් කර තිබේ. 

තව දුරටත් ඔහු සදහන් කලේ මේ වනවිට තිබෙන දත්තවලට අනුව රජයේ හෙද නිලධාරීන් 3000ක් පමණ නිවාඩු දමා විදේශ රැකියා සඳහා ගොස් ඇතැයිද තවත් 1500ක් පමණ රජයේ හෙද සේවය අතහැර දමා විදේශ රැකියාවලට යොමු වී තිබෙන බවයි.

හෙද ආචාර්යවරු 150කගේ පමණ හිඟයක් පවතින බවත් රට පුරා පිහිටි හෙද පුහුණු පාසල් 18හි ඉගැන්වීම් කටයුතු අඩාළ වී ඇති බවත් හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පෙන්වා දී තිබේ. 

“තත්පර කිහිපයකට ජීවිත බේරුණා!” – තාක්ෂණික දෝෂයකින් ගුවන් යානයක් කඩා වැටෙයි

“තත්පර කිහිපයකට ජීවිත බේරුණා!” – තාක්ෂණික දෝෂයකින් ගුවන් යානයක් කඩා වැටෙයි