විදුහල්පතිනියට පිහියෙන් ඇනලා ඝතණය සැකකාර සිසුන් දෙදෙනෙකු අත්ඩංගුවට - තෙලන්ගානාව සංවේදි කල ඝාතනයේ සුලමුල එළියට

Report

තෙලන්ගානා නල්ගොන්ඩා ප්‍රදේශයේ 48 හැවිරිදි පාසල් විදුහල්පතිනියක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොන්ඩමල්ලේපල්ලි ප්‍රදේශයේ නාගර්ජුනා පබ්ලික් පාසලේ විදුහල්පතිනිය සහ අධ්‍යක්ෂවරිය වූ කල්ලු රූපා රෙඩ්ඩි මහත්මිය පසුගිය අගෝස්තු 12 වැනිදා උදෑසන සිය නිවසේදී මියගොස් සිටියදී සොයාගෙන ඇත.

ඇයගේ සිරුරේ පිහි ඇනුම් තුවාල 27ක් තිබී ඇත. හයිද්‍රාබාද්හි සිටි ඇගේ සැමියා දුරකථනයෙන් ඇමතුම් කිහිපයක් ලබා ගත්තද ඇය ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් අසල්වැසියන්ට ඒ පිළිබඳව දැනුම් දී තිබේ.

පසුව අසල්වැසියන් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය පැමිණ ඇය මියගොස් සිටින බව සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය කණ්ඩායම් පහක් යොදවා පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, CCTV දර්ශන, අධිකරණ වෛද්‍ය සාක්ෂි, ඇඟිලි සලකුණු, තාක්ෂණික දත්ත සහ සැකකරුවන්ගේ ගමන්බිමන් පරීක්ෂා කර තිබේ.

එහිදී පුද්ගලයන් 80කට වැඩි පිරිසකගෙන් ප්‍රශ්න කර ඇත.

මේ අරමුණින් වීසා අයදුම් කරොත් වැඩ වරදී - එක්සත් ජනපද තානාපති කාර්යාලය අනතුරු අඟවයි

මේ අරමුණින් වීසා අයදුම් කරොත් වැඩ වරදී - එක්සත් ජනපද තානාපති කාර්යාලය අනතුරු අඟවයි

‘බාබු’ යන වචනයෙන් සිසුන් වෙත හෝඩුවාවක්

රූපා රෙඩ්ඩි මහත්මිය සිය ඥාතිවරියක් සමඟ දුරකථනයෙන් කතා කරමින් සිටියදී භාවිත කළ ‘බාබු’ යන වචනය පොලිස් පරීක්ෂණවලට වැදගත් හෝඩුවාවක් වී තිබේ.

“ඇයගේ දුරකථන සංවාදයේ අවසන් වරට පටිගත වී තිබූ වචනය ‘බාබු’ යන්නයි. ඇය එම වචනයෙන් කවුරුන් අදහස් කළේද යන්න පිළිබඳව අපි විමර්ශනය කළ අතර, එමගින් පාසල් සිසුන් වෙත අවධානය යොමු වුණා,” යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී ෂරත් චන්ද්‍ර පවාර් මහතා බදාදා මාධ්‍ය වෙත පවසා තිබේ.

පසුව විමර්ශන නිලධාරීන් සිසුන්ගෙන් වෙන් වෙන්ව ප්‍රශ්න කර ඇති අතර, පාසලේ 10 වැනි ශ්‍රේණියේ සිසුන් පස්දෙනෙකු පාසලට නොපැමිණ සිටින බව අනාවරණය කරගෙන ඇත. එම සිසුන් අතරින් දෙදෙනෙකු පසුගිය දින කිහිපය තුළ විශාල වශයෙන් මුදල් වියදම් කරමින් සාද පවත්වා ඇති බවද පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

පසුව එම සිසුන් දෙදෙනා බදාදා උදෑසන රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී, සැලසුම් සහගතව රූපා රෙඩ්ඩි මහත්මිය ඝාතනය කළ බවට ඔවුන් පාපොච්චාරණය කර ඇතැයි පොලිස් නිලධාරී පවාර් මහතා පවසා තිබේ.

චෝදනා ලැබූ සිසුන්ට විදුහල්පතිනිය අවවාද කර තිබුණා

පොලිස් නිලධාරියා සඳහන් කර ඇත්තේ, මීට පෙර මෙම සිසුන්ගේ නේවාසිකාගාර බෑග් තුළ තිබී මුදල් සහ ජංගම දුරකථනයක් හමුවීමෙන් පසු රූපා රෙඩ්ඩි මහත්මිය ඔවුන්ට අවවාද කර තිබූ බවයි. ඇය ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ දෙමාපියන් දැනුවත් කර ඇති අතර, පසුව එම සිසුන් නේවාසිකාගාරයෙන් ඉවත් කර දිවා කාලයේ පමණක් පාසලට පැමිණෙන සිසුන් බවට පත් කර තිබේ. මෙම සිදුවීම විදුහල්පතිනිය කෙරෙහි ඔවුන් තුළ ඇති වූ අමනාපයට හේතුවක් වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

අනන්‍යතාව සඟවා ගැනීමට අත්වැසුම් මිලදී ගෙන තිබුණා

සැකකරුවන් දින පහක් පමණ ඝාතනය සැලසුම් කරමින් විදුහල්පතිනියගේ නිවස පිළිබඳව සොයා බැලීමක් සිදු කර තිබේ.

ඔවුන් පිහියක් මෙන්ම තම අනන්‍යතාව හෙළි නොවන පරිදි අත්වැසුම්ද මිලදී ගෙන තිබූ බව පොලිසිය පවසයි. එම හේතුවෙන් මුලදී පරීක්ෂකයන්ට භෞතික සාක්ෂි සොයා ගැනීම දුෂ්කර වී තිබේ. ඝාතනය සිදු කළ දිනයේදී එක් සිසුවෙකු මුහුණ ආවරණය කරගැනීම සඳහා මංකි කැප් එකක් සහ අත්වැසුම් පැළඳ නිවසට ඇතුළු වී තිබේ.

නිදන කාමරයේ තිබූ රුපියල් ලක්ෂ 2.5ක මුදලක් සොයාගෙන ඔහු පලා යාමට උත්සාහ කර ඇති අතර, එහිදී මංකි කැප් එක ගැලවී ගොස් තිබේ. ඒ අවස්ථාවේ රූපා රෙඩ්ඩි මහත්මිය ඔහුව හඳුනාගෙන ඇති අතර, තමන්ව හඳුනාගත හැකි බැවින් බියට පත් වූ සිසුවා ඇයට පිහියෙන් 27 වතාවක් ඇන ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඝාතනයෙන් අනතුරුව සැකකරුවන් මුදල් රැගෙන ගොස් ඇති අතර, සාක්ෂි සැඟවීම සඳහා ලේ තැවරුණු ඇඳුම් සහ මංකි කැප් එක වළලා දමා ඇති බවද සඳහන් වේ. ඝාතනයෙන් පසුව ඔවුන් ගෝවා ප්‍රාන්තයට සංචාරයක් සඳහා ගොස් ඇති බවද පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ 1.54ක මුදලක්, ඒ අතරින් ලේ තැවරුණු මුදල් නෝට්ටු කිහිපයක්, ඔවුන් විසින් මිලදී ගත් iPhone දුරකථනයක් සහ රූපා රෙඩ්ඩි මහත්මියගේ ජංගම දුරකථනයද පොලිසිය විසින් සොයාගෙන ඇත. මීට අමතරව, ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පෙර සැකකරුවන් වීඩියෝ බෙදාගැනීමේ වේදිකාවකින් ඉක්මනින් මුදල් උපයා ගන්නා ආකාරය පිළිබඳව සොයා බලා ඇති බවද පොලිසිය අනාවරණය කරගෙන තිබේ.   

සුනඛ වෙස්මුහුණ දාගෙන ආපු මිනිසාගෙන් බරපතළ චෝදනාවක් - මධ්‍ය ප්‍රදේශයේ පැමිණිලි විභාගය උණුසුම් කළ සිදුවීම

සුනඛ වෙස්මුහුණ දාගෙන ආපු මිනිසාගෙන් බරපතළ චෝදනාවක් - මධ්‍ය ප්‍රදේශයේ පැමිණිලි විභාගය උණුසුම් කළ සිදුවීම