22 වන සංශෝධනයට එරෙහි පෙත්සම් ගණන 9 දක්වා ඉහළට- තවත් පිටපත් දෙකක් කථානායකට

Report

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති තවත් පෙත්සම් දෙකක පිටපත් කථානායකවරයා වෙත ලැබී ඇත.

  කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසුවේ පසුගිය 19 හා 20 වැනි දෙදින තුළ ලැබුණු පිටපත් 7 අමතර මෙම පෙත්සම් දෙකෙහිද පිටපත් තමා වෙත ලැබී ඇති බවයි.

 පසුගිය 19 වැනිදා මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව කථානායකවරයා වෙත පෙත්සම් තුනක පිටපත් ලැබී තිබූ අතර ඊයේ (20) වන දින තවත් පෙත්සම් 4ක පිටපත් ඔහු වෙත ලැබී තිබේ

ඒ අනුව 22 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව කථානායකවරයා වෙත මේ දක්වා පෙත්සම් 9ක පිටපත් ලැබී ඇත.