අනේ අම්මපා මෙහෙමත් ගුරුවරු..බිරිද එක්ක එකතු වෙලා කරලා තියන වැඩේ බලන්නකෝ..
නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු පැහැරගෙන ගොස් පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් එම විදුහලේම සේවය කරන ගුරුවරයෙකු ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (07) එම සැකකරු හා සැකාරිය අත්අඩංගුවට ගෙන තිබුණේ, බියගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්ය.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වන අතර සැකකාරිය වයස අවුරුදු 32ක් වන සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළකි.
පසුගිය 04 වනදා බියගම පොලිස් වසමේ සියඹලාපේ ප්‍රදේශයේ විහාරස්ථානයක් ආසන්නයේදී පුද්ගලයෙකු බලහත්කාරයෙන් ජීප් රථයකට නංවාගෙන සියඹලාපේ ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් පහරදී ඇති බව වාර්තා වෙයි.
පැරණි අමනාපයක් මත එම පැහැර ගැනීම සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි සිද්ධිය සම්බන්ධයෙන් බියගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
You may like this video
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)