යුද හමුදාවට සුබ ආරංචියක් - අද සිට 2,086 දෙනෙකුට උසස්වීම්

Report

77 වන යුද හමුදා සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ 2,086 දෙනෙකුට උසස්වීම් ලබාදී ඇති බව වාර්තා වේ. ඒ අනුව අඳාළ උසස් වීම් අද (10) දින සිට ක්‍රියාත්මක බව යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරන බව සඳහන්.

එබැවින් බළලත් නිලධාරි දෙවන නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 234 දෙනෙකු බළලත් නිලධාරි පළමු නිලයටත්, මාණ්ඩලික සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 215 දෙනෙකු බළලත් නිලධාරි දෙවන නිලයටත් උසස් කර ඇති බව සඳහන්.

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්

ඊට අමතරව, සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 312 දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයටත්, කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 398 දෙනෙකු සැරයන් නිලයටත් උසස් කර ඇති බව වාර්තා වේ.

එසේම ලාන්ස් කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 559 දෙනෙකු කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබලුන් 368 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලයටත් උසස්වීම් ලබා දී ඇති බව සඳහන්.

''ගඟෙන් අහසට නැඟුණු දැවැන්ත ජල කුළුණක් වැනි දුර්ලභ දසුනක් කැමරාවේ සටහන් වෙයි'' - චීනයේ “ජලය උරා බොන මකරා”

''ගඟෙන් අහසට නැඟුණු දැවැන්ත ජල කුළුණක් වැනි දුර්ලභ දසුනක් කැමරාවේ සටහන් වෙයි'' - චීනයේ “ජලය උරා බොන මකරා”

මේ සියලුම ගුවන් ගමන් ඔක්තෝබර් 18 දක්වා අත්හිටුවයි.. ශ්‍රීලන්කන් ගුවන් සේවයෙන් තීරණයක්

මේ සියලුම ගුවන් ගමන් ඔක්තෝබර් 18 දක්වා අත්හිටුවයි.. ශ්‍රීලන්කන් ගුවන් සේවයෙන් තීරණයක්