මෙරටට කහ උණ එන්නත් 2,000ක් ඉදිරි සතියේ.

Report

 නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජි.විජේසුරිය පවසන්නේ කහ උණ සඳහා ලබා දෙන එන්නත් 2,000ක් ඉදිරි සතියේදී මෙරටට ලැබීමට නියමිත බවයි.

ඔහු කියා සිටියේ යුනිසෙෆ් සංවිධානය හරහා එම එන්නත් තොගය ලැබෙන බවයි.

මෙරටට කහ උණ සඳහා ලබා දෙන එන්නත් හයදහසක් පමණ අවශ්‍ය වී තිබෙනවා.

සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරන්නේ අප්‍රිකානු රටවලට වෙනත් රටවලින් යන පුරවැසියන් සියලුදෙනා මෙම එන්නත ලබා ගැනීම අනිවාර්ය වන අතර එම රටවලට යෑමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් පන්දහසකට ආසන්න පිරිසක් මෙම එන්නත ලබා ගැනීම සඳහා සිටින බවයි.

පසුගියදා පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව සාකච්ඡා කළ අතරම කඩිනමින් කහ උණ එන්නත් මෙරටට ගෙන්විමටයි කටයුතු කර ඇත්තේ.