පොලිස් වෙඩි ප්‍රහාර මැද කොල්ලකරුවන් 18ක් ජීවිතක්ෂයට..

By krishani Sep 02, 2023 07:16 AM GMT
Report

දකුණු අප්‍රිකාවේ ලිම්පෝපෝ ප්‍රාන්තයේ දී පොලීසිය හා කොල්ලකරුවන් අතර වෙඩි හුවමාරුවක් සිදු විය.

එහිදී කොල්ලකරුවන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මෙම වෙඩි හුවමාරුව සිදු වී තිබෙන්නේ මුදල් සහිත ට්‍රක් රථයක් කොල්ලකෑම සඳහා මෙම කොල්ලකරුවන් සූදානම් ව සිට ඇති මොහොතක දී එය මර්දනය කිරීම සඳහා පොලීසිය දැරූ උත්සාහයේ දී ය.

විනාඩි 90ක පමණ කාලයක් පැවති මෙම වෙඩි හුවමාරුවේ දී එක් පොලිස් නිලධාරියෙකු බරපතළ ලෙස තුවාල ලබා තිබෙනවා.

සැකකරුවන් පිළිබඳ දින ගණනාවක සිට පොලීසිය හා එරට බුද්ධි අංශ අවධානයෙන් පසු වී ඇත.

මේ අතර පොලීසිය විසින් සැකකරුවන් සිටින ස්ථානයට ගිය විගසම මෙම වෙඩි හුවමාරුව ආරම්භ වී ඇති අතර එහිදී පිරිමි පුද්ගලයන් 16 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු එම ස්ථානයේ දීම මියගොස් ඇත.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් එරට ජාතික පොලිස් කොමසාරිස් ෆැනී මැසෙමෝලා සඳහන් කළේ මෙම කොල්ල කල්ලිය රටේ වෙනත් ස්ථානවල සිදු වූ කොල්ලකෑම් සඳහා ද වගකිව යුතු බවට සැක කරන බවයි.