ගුරු පත්වීම් 16,000ක්.. අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.

Report

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ගුරු පත්වීම් 16,000ක්.. අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න. | 16 000 Teacher Appointments

ඒ ආර්ථික දුෂ්කරතා හමුවේ වුවත් ජාතික සහ පළාත් මට්ටමින් ගුරු පත්වීම් 16,000ක් ලබා දී ගුරු හිඟයට විසඳුම් ලබාදුන් බවයි.

ඉතිහාසයේ දුෂ්කරම තත්ත්වයට මුහුණ දුන් රට ගොඩ ගැනීමේ වගකීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව භාරගෙන වසර දෙකක් තුළ රට යථා තත්ත්වයට පත්කළ බව ඒ මහතා කියා සිටියේ ය.

ඔහු මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"කොවිඩ් වසංගතය මෙන්ම අරගලය සමඟ මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ද විශාල අර්බුදයකට ලක්වුණා. රට ගොඩ ගැනීමේ වගකීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව භාර ගත්තේ වෙනත් කිසිවෙකු වගකීම භාර නොගත් පසුබිමකයි. ඒ අනුව වසර දෙකක කාලයක් තුළ රට යථා තත්ත්වයට පත්කීරීමට සමත් වුණා. මේ නිසා එදා සහ අද රට තිබෙන තත්ත්වය පිළිබඳව මතකාවර්ජනයක් අත්‍යවශ්‍යව තිබෙනවා."