ළමුන් 16,000ක් ගැන හද කම්පාකරවන අනාවරණයක් - මේ දේ දැන ගත්තොත් ඔබත් පුදුමවෙයි..

Food Shortages Government Of Sri Lanka Sri Lanka Food Crisis Latest Headlines
By Sewvandhi Sep 09, 2024 02:17 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ළමා මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

අඩු බර, මිටිභාවය, කෘෂභාවය, සහ ක්‍ෂුද්‍ර පෝෂක ප්‍රමාණවත් නොවීම - වැදගත් විටමින් සහ ඛනිජ ලවණවල ඌනතාව යන කරුණු හතර මගින් ළමා මන්දපෝෂණ තත්ත්වය ඇති වන බවයි, මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ.

මෙම වාර්තාවෙන් ග්‍රෑම් 2500 ක් හෝ ඊට අඩු උපත් බරක් සහිතව උපදින දරුවන් අඩු උපත් බරක් ඇති දරුවන් ලෙස සැලකෙන අතර 2022 දී සිදු කරන ලද ජාතික පෝෂණ හා ක්ෂුද්‍ර පෝෂක සමීක්ෂණයට අනුව, ජාතික වශයෙන් නියෝජනය වන නියැදියක් මගින් අඩු උපත් බර ව්‍යාප්තිය 15.9%ක අගයක පැවති බව පෙන්වාදී ඇත.

තවද සෑම දරුවන් හතර දෙනෙකුගෙන්ම එක් අයෙක් මධ්‍යස්ථ හෝ දැඩි ලෙස අඩු බර සහිත දරුවන් ලෙස හඳුනාගෙන ඇති බවත් මෙම වාර්තාවේ සඳහන් ව තිබේ. 2023 වසරේ ජුනි මාසයේදී කෘෂභාවයට ලක් වූ දරුවන්ගේ අනුපාතය 10% ක් ලෙස එහි දැක්වෙන අතර අවුරුදු 5 ට අඩු සියලුම දරුවන්ගෙන් 1.2% ක් දරුණු උග්‍ර මන්දපෝෂණයෙන් පීඩාවට පත්ව සිට ඇති බවත් සඳහන් වෙයි.

සංඛ්‍යාත්මකව ළමුන් 16,000 කට ආසන්න ප්‍රමාණයක් එලෙස උග්‍ර මන්ද පෝෂණ තත්ත්වයෙන් පිඩා විඳ ඇති බවත් එහි සඳහන් ව ඇත. 2023 පෝෂණ මාසයේ වාර්තාව මගින් වයස අවුරුදු පහට අඩු දරුවන් අතර මිටි බව 10.3% ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර එය පෙර වසරට වඩා 9.2% ක වැඩිවීමක් බවත් අනාවරණය වී ඇත. ගෘහස්ථ මට්ටමින් ආහාර සුරක්ෂිතතාව නිසි පරිදි නොපැවතීම ද මන්දපෝෂණ තත්ත්වය ඇතිවීමට බලපා ඇති බව වාර්තාව මගින් පෙන්වා දී ඇත.  

සජබ රැලියකට ප්‍රහාරයක්..? පොලීසියේ පහක් රෝහලේ..

සජබ රැලියකට ප්‍රහාරයක්..? පොලීසියේ පහක් රෝහලේ..