උණ, සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු රෝගවලට ගන්නා අවදානම් ඖෂධ 100කට අධික සංඛ්‍යාවක් වහාම තහනම් කෙරේ..!

Report

ඉන්දියාවේ භාවිත කරන ලද ඖෂධ 156ක් තහනම් කිරීමට එරට රජය තීරණය කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ,ඒ අනුව උණ ට, සෙම්ප්‍රතිශ්‍යාව ට සහ ප්‍රතිජීවක ලෙස භාවිත කරන ලද ඖෂධ වර්ග කිහිපයක් මෙලෙස තහනමට ලක්වී ඇති බවයි.

එම ඖෂධ භාවිත කිරීම තුළින් මිනිසාට අවධානමක් ඇති විය හැකි බවට හඳුනාගැනීමෙන් අනතුරුව ඒවා තහනම් කිරීමට පියවර ගෙන ඇත. එම ඖෂධ වෙනුවට භාවිත කළ හැකි විකල්ප ඖෂධ ඇති බවත් සඳහන් ය.

එරට ඖෂධ තාක්ෂණික උපදේශක මණ්ඩලයේ නිර්දේශ මත පදනම්ව, මධ්‍යම රජය විසින් අදාළ ඖෂධ නිෂ්පාදනය කිරීම, විකිණීම සහ බෙදාහැරීම මෙලෙස තහනම් කර ඇති බව වාර්තා වී ඇත.