තරුණයින් 150ක් රැකියා අපේක්ෂාවෙන් දකුණු කොරියාවට...

By Parami Dissanayake May 21, 2024 03:02 PM GMT
Report

2024 වසරේ ගතවූ මාස 5ක කාලය තුළදී පමණක් ශ්‍රි ලාංකිකයින් 2,679 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එමෙන්ම, අද (21) දිනයේ UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමි වූ තවත් ශ්‍රි ලාංකිකයින් 150 ක් දකුණු කොරියාව බලා පිටත්ව ගොස් ඇත.

ඒ අතරතරුණියන් 6 දෙනෙකුද ඇතුළත් බව සඳහන් වේ. 

චීනයේ ගල්අඟුරු පතලක සිදුවූ අනතුරකින් 05 දෙනෙකුගේ දිවි අහිමි වේ...

චීනයේ ගල්අඟුරු පතලක සිදුවූ අනතුරකින් 05 දෙනෙකුගේ දිවි අහිමි වේ...

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලාංකිකයින්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමි වේ.

එම අවබෝධතා ගිවිසුම අනුව 2004 වසරේ සිට අඛණ්ඩව මේ දක්වා ශ්‍රි ලාංකිකයින් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාම ඇරඹිණි.

කෙසේ වෙතත්, මේ වන විට තරුණ ප්‍රජාවට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමට වැඩි උනන්දුවක් ඇති වී තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වේ.