පාකිස්තානය ලේ විලක් කරමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් - සොල්දාදුවන් 12 ක් ඇතුළු පුද්ගලයන් 15දෙනෙක් ජීවිතක්ෂයට

Report

වයඹදිග පාකිස්තානයේ ඇෆ්ගන් දේශ සීමාව අසල පිහිටි ආරක්ෂක මුරපොළකට සන්නද්ධ කල්ලියක් විසින් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් සොල්දාදුවන් 12 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 15දෙනෙකු මිය ගොස් ඇති බව එරට හමුදාව සඳහන් කරයි.

ඒ අනුව හමුදා මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, "හමුදා නිලධාරීන් දොළොස් දෙනෙකු, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු රජයේ නිලධාරියෙකු ඇතුළු නිර්භීත භූමි පුත්‍රයන් පහළොස් දෙනෙකු අවසාන පරිත්‍යාගය සිදු කර ෂහදාත් (ප්‍රාණ පරිත්‍යාගය) වැළඳ ගත්හ," යනුවෙන්.

මීට සුළු මොහොතකට පෙර ලොවම හොල්ලමින් තෙල් මිල ගැන ලැබුණු නවතම පුවත මෙන්න - 40%ක මිල ඉහළ යාමක්

මීට සුළු මොහොතකට පෙර ලොවම හොල්ලමින් තෙල් මිල ගැන ලැබුණු නවතම පුවත මෙන්න - 40%ක මිල ඉහළ යාමක්

මෙම ප්‍රහාරය දිගු කලක් ඉස්ලාමීය සටන්කාමීන්ගේ නිවහනක් වශයෙන් තිබූ ඇෆ්ගන් දේශසීමාව අසල ටෑන්ක් දිස්ත්‍රික්කයට එල්ල වූ බව සඳහන්.

මෑත මාසවලදී වයඹදිග පාකිස්තානයේ සටන්කාමීත්වය තියුණු ආකාරයෙන් ඉහළ ගොස් ඇති අතර පාකිස්තානයේ තලේබාන් සටන්කාමීන් වන ටෙහ්රීක්-ඊ-තලේබාන් සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බව සඳහන්.

එසේම මරාගෙන මැරෙන බෝම්බකරුවන් සිව් දෙනෙකු ප්‍රහාරයට සහභාගී වූ බව ප්‍රකාශ කර ඇත.

2007 සිට තලේබාන්වරු පකිස්ථාන රාජ්‍යයට එරෙහිව යුද්ධයක් දියත් කරමින් සිටින්නේ රජය පෙරළා දමා එය තමන්ගේම සන්නාමයේ දැඩි ඉස්ලාමීය පාලනයකින් ප්‍රතිස්ථාපනය කිරීමේ උත්සාහයක් ලෙසයි.

එල්නිනෝ ගැන මෙතෙක් නොඇසූ ඇග කිළිපොලා යන ආරංචියක් - මේ මාසවල දරුණු ගංවතුරක් සමඟ අනිකුත් මාස කීපයේම ලංකාවම ගිනිබත් වේ

එල්නිනෝ ගැන මෙතෙක් නොඇසූ ඇග කිළිපොලා යන ආරංචියක් - මේ මාසවල දරුණු ගංවතුරක් සමඟ අනිකුත් මාස කීපයේම ලංකාවම ගිනිබත් වේ

ලංකාවම පිස්සුවෙන් වගේ ඇගේ රූපයට ආදරේ කරද්දි ඈ සියල්ල අත් හරී - ජනප්‍රිය රංගන ශිල්පිනී නෙත්මි රොෂෙල් ගත්තු තීරණයට බුකිය කැළඹෙයි

ලංකාවම පිස්සුවෙන් වගේ ඇගේ රූපයට ආදරේ කරද්දි ඈ සියල්ල අත් හරී - ජනප්‍රිය රංගන ශිල්පිනී නෙත්මි රොෂෙල් ගත්තු තීරණයට බුකිය කැළඹෙයි