යුධ හමුදාවේ 1450ක් ගැන ගත් විශේෂ තීරණය
76 වන නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යුද හමුදා නිලධාරීන් 211 දෙනෙකු සහ සෙසු නිලයන් 1,239 කට උසස්වීම් ලබාදී තිබෙනවා.
ශ්‍රී ලංකා යුද හමුදාවේ නිත්‍ය හා ස්වේච්ඡා බල සේනාවන් හි බි්‍රගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු මේජර් ජෙනරාල් නිලයටත්, කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 12 දෙනෙකු බි්‍රගේඩියර් නිලයටත් ඒ අනුව උසස් කෙරුණා.
එමෙන්ම ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, මේජර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 17 දෙනෙකු ලුතිනන් කර්නල් නිලයට මෙන්ම කපිතාන් නිලයේ නිලධාරීන් 29 දෙනෙකු මේජර් නිලය දක්වා උසස්වීම් ලබාදුන් බවයි.
Sponsored By Sarrita Jewellery