උත්සව සමයේ බස් රථ සේවා සම්බන්ධයෙන් පැමිණිලි 143ක්

By Hashini Apr 17, 2025 09:26 AM GMT
Report

 ජාතික ගමනාගමන කොමිසම අලුත් අවුරුදු සමයේ ක්‍රියාත්මක වන බස් සේවා සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 143ක් ලැබී ඇති බවයි.

වැඩිපුර ගාස්තු අය කිරීම, මගීන්ට ආචාරශීලී නොවීම හා වේගයෙන් රිය ධාවනය කිරිම ඇතුළු පැමිණිලි රැසක් ඒ අතර වන බවයි එම කොමිසම සඳහන් කළේ.

එම සියලු පැමිණිලි විභාගය ලබන 21වනදාට පසුු ආරම්භ කරන බවද ජාතික ගමනාගමන කොමිසම සඳහන් කරයි. 

1955 ක්ෂණික දුරකථන අංකය අමතා මේ පිළිබඳව පැමිණිලි පවතී නම් යොමු කිරීමට හැකියාව පවතින බව වාර්තා වනවා.

උත්සව සමයේ ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා ලබන 21වනදා දක්වා විශේෂ බස් හා දුම්රිය සේවා ක්‍රියාත්මක කර තිබෙන බවයි ගමනාගමන කොමිසම සඳහන් කලේ. 

ඉන්දුනීසියාව ආශ්‍රිතව භූ කම්පනයක්

ඉන්දුනීසියාව ආශ්‍රිතව භූ කම්පනයක්