මේ සේවකයන්ට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය

Report

ඌව පළාත් සභාවේ වසර 7ක් සේවය කළ බහුකාර්ය සේවකයින් ස්ථිර සේවයට අනුයුක්ත කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ බහුකාර්ය සේවකයන් රැසක් රාජ්‍ය සේවයට බඳවාගෙන තිබු නමුත් ඔවුන්ව ස්ථිර සේවයට බදවාගෙන තිබුණේ නැත.

මේ හේතුවෙන් සේවය ස්ථිර නොවීමෙන් මෙම සේවකයන් ඉමහත් දුෂ්කරතාවයන්ට පත්ව සිටි අතර 2019 වසරේ සිට වසර 7 ක් ඌව පළාත් සභාව යටතේ පවතින ආයතනවල සේවය කරමින් සිටි මෙවැනි බහුකාර්ය සේවකයන් 141 දෙනෙකු සදහා ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය පසුගියදා සිදු විය.

ඒ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නායක, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන්ය.

මේ සේවකයන්ට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය | 141 Multi Task Workers Get Permanent Jobs