හෙට දිනයේ පාසල් විවෘත කිරීම ගැන දැන් ලැබුණු විශේෂ තීරණයක්..!

Report

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (14) පාසල් විවෘත කරනවාද නැද්ද යන්න තීරණය කිරීමට බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන්ට බල පවරා තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, එම තීරණය ගැනීමේදී කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමඟ සාකච්ඡා කර ගන්නා ලෙසය.

එනම් අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කැළණිය මහා විද්‍යාලය, මීගමුව රෝමානු කතෝලික, බියගම ප්‍රාථමික, යබරලුව ආනන්ද විද්‍යාලය ඇතුළු ආපදාවට ලක්වූ සහ අවතැන් කඳවුරු තිබෙන පාසල් මෙලෙස වසා දැමීමට පියවර ගෙන ඇත.