මුහුද මැද පෙරළුණු බෝට්ටුවක් ජීවිත 139ක් බිලිගනී - ජිබූටි වෙරළේ ඛේදවාචකයෙන් ළමුන් 15ක් මරුට
ජිබූටි වෙරළට ඔබ්බෙන් සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් ළමුන් 15 දෙනෙකු ඇතුළු පුද්ගලයන් අවම වශයෙන් 139 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය (IOM) පවසයි.
එම අනතුරින් තවත් පුද්ගලයන් පිරිසක් අතුරුදන්ව සිටින අතර, පුද්ගලයන් 82 දෙනෙකු පමණ බේරාගැනීමට හැකි වී තිබේ.
පුද්ගලයන් 305 දෙනෙකු රැගත් මෙම බෝට්ටුව ජිබූටියේ සිට යේමනය බලා ගමන් කරමින් තිබියදී බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඔබොක් වරාය නගරය ආසන්නයේදී පෙරළී ඇති බව වාර්තා වේ.
මුලින් මරණ 109ක් ලෙස වාර්තා වූ සංඛ්‍යාව, තවත් මළ සිරුරු 30ක් සොයාගැනීමත් සමඟ 139 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජිබූටියේ IOM මෙහෙයුම් ප්‍රධානී ඇලෙක්සැන්ඩර් කොයිසාක් සඳහන් කර ඇත්තේ, වෙනත් රටක නව ජීවිතයක් සොයා යන සංක්‍රමණිකයන් මුහුණ දෙන අවදානම් මෙම ඛේදවාචකයෙන් යළිත් පැහැදිලි වන බවයි.
මියගිය පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදුකිරීමට දේශීය බලධාරීන් කටයුතු කරමින් සිටින අතර, දිවි බේරාගත් සියලු දෙනා ඉතියෝපියානු ජාතිකයන් බව සඳහන් වේ. ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට ද පියවර ගෙන තිබේ.
දිවි බේරාගත් පුද්ගලයන් අතරින් 64 දෙනෙකුට ඔබොක්හි ප්‍රතිචාර මධ්‍යස්ථානය හරහා වෛද්‍ය පහසුකම් ඇතුළු සහාය ලබාදෙන බව IOM සඳහන් කරයි. එමෙන්ම ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ නැවත සම්බන්ධ වීමට ද සහාය ලබාදෙයි.
අප්‍රිකාවේ හෝන් කලාපයේ සිට දස දහස් ගණනක් සංක්‍රමණිකයන් සෑම වසරකම ආරක්ෂාව සහ රැකියා අවස්ථා සොයා ගල්ෆ් කලාපයේ රටවල් වෙත ළඟාවීමේ අරමුණින් මෙම අවදානම් සහගත මුහුදු මාර්ගය භාවිත කරන බව එම සංවිධානය පවසයි.
යේමනයේ දශකයකට වැඩි කාලයක් පුරා පවතින සිවිල් යුද්ධය සහ කලාපයේ වර්ධනය වන අස්ථාවරත්වය හමුවේ වුවද, දරිද්‍රතාව, අනාරක්ෂිතභාවය සහ දේශගුණික විපර්යාසවල බලපෑම් හේතුවෙන් සංක්‍රමණිකයන් මෙම ගමනේ නිරත වන බව වාර්තා වේ.
IOM සංඛ්‍යාලේඛනවලට අනුව, 2025 වසරේදී මෙම මාර්ගය ඔස්සේ ගමන් කිරීමේදී සංක්‍රමණිකයන් 900කට වැඩි පිරිසක් මියගොස් හෝ අතුරුදන් වී තිබේ. එම වසරේදී මෙම ගමනට උත්සාහ කළ පුද්ගලයන්ගේ සංඛ්‍යාව ද සියයට 18කින් ඉහළ ගොස් ඇත.
එමෙන්ම, 2026 මාර්තු මාසයේදී ද මෙවැනිම අනතුරකින් පුද්ගලයන් නව දෙනෙකු මියගොස් තවත් 45 දෙනෙකු අතුරුදන් වී තිබේ.
ජිබූටිය පිහිටා ඇත්තේ යේමනයට ආසන්නව ඒඩන් බොක්ක හරහා වන අතර, යේමනයේ පවතින ගැටුම් හේතුවෙන් එරට වැසියන් ද ජිබූටිය වෙත පලායමින් සිටින බව වාර්තා වේ.
ට ඔබ්බෙන් සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් ළමුන් 15 දෙනෙකු ඇතුළු පුද්ගලයන් අවම වශයෙන් 139 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය (IOM) පවසයි.
එම අනතුරින් තවත් පුද්ගලයන් පිරිසක් අතුරුදන්ව සිටින අතර, පුද්ගලයන් 82 දෙනෙකු පමණ බේරාගැනීමට හැකි වී තිබේ.
පුද්ගලයන් 305 දෙනෙකු රැගත් මෙම බෝට්ටුව ජිබූටියේ සිට යේමනය බලා ගමන් කරමින් තිබියදී බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඔබොක් වරාය නගරය ආසන්නයේදී පෙරළී ඇති බව වාර්තා වේ.
මුලින් මරණ 109ක් ලෙස වාර්තා වූ සංඛ්‍යාව, තවත් මළ සිරුරු 30ක් සොයාගැනීමත් සමඟ 139 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජිබූටියේ IOM මෙහෙයුම් ප්‍රධානී ඇලෙක්සැන්ඩර් කොයිසාක් සඳහන් කර ඇත්තේ, වෙනත් රටක නව ජීවිතයක් සොයා යන සංක්‍රමණිකයන් මුහුණ දෙන අවදානම් මෙම ඛේදවාචකයෙන් යළිත් පැහැදිලි වන බවයි.
මියගිය පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදුකිරීමට දේශීය බලධාරීන් කටයුතු කරමින් සිටින අතර, දිවි බේරාගත් සියලු දෙනා ඉතියෝපියානු ජාතිකයන් බව සඳහන් වේ.
ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට ද පියවර ගෙන තිබේ. දිවි බේරාගත් පුද්ගලයන් අතරින් 64 දෙනෙකුට ඔබොක්හි ප්‍රතිචාර මධ්‍යස්ථානය හරහා වෛද්‍ය පහසුකම් ඇතුළු සහාය ලබාදෙන බව IOM සඳහන් කරයි.
එමෙන්ම ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ නැවත සම්බන්ධ වීමට ද සහාය ලබාදෙයි.
අප්‍රිකාවේ හෝන් කලාපයේ සිට දස දහස් ගණනක් සංක්‍රමණිකයන් සෑම වසරකම ආරක්ෂාව සහ රැකියා අවස්ථා සොයා ගල්ෆ් කලාපයේ රටවල් වෙත ළඟාවීමේ අරමුණින් මෙම අවදානම් සහගත මුහුදු මාර්ගය භාවිත කරන බව එම සංවිධානය පවසයි.
යේමනයේ දශකයකට වැඩි කාලයක් පුරා පවතින සිවිල් යුද්ධය සහ කලාපයේ වර්ධනය වන අස්ථාවරත්වය හමුවේ වුවද, දරිද්‍රතාව, අනාරක්ෂිතභාවය සහ දේශගුණික විපර්යාසවල බලපෑම් හේතුවෙන් සංක්‍රමණිකයන් මෙම ගමනේ නිරත වන බව වාර්තා වේ.
IOM සංඛ්‍යාලේඛනවලට අනුව, 2025 වසරේදී මෙම මාර්ගය ඔස්සේ ගමන් කිරීමේදී සංක්‍රමණිකයන් 900කට වැඩි පිරිසක් මියගොස් හෝ අතුරුදන් වී තිබේ.
එම වසරේදී මෙම ගමනට උත්සාහ කළ පුද්ගලයන්ගේ සංඛ්‍යාව ද සියයට 18කින් ඉහළ ගොස් ඇත.