අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ චීන ජාතිකයින් 13ක් අත්අඩංගුවට...

By Parami Dissanayake Sep 12, 2024 02:04 PM GMT
Report

අද (12 වැනිදා) අන්තර්ජාලය හරහා රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කරන ලදැයි චීන ජාතිකයන් 13 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් අතර චීන ජාතික කාන්තාවන් දෙදෙනකු සිටින අතර ඔවුන් සියලුදෙනා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිත ය.

මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, බොරැල්ල, ගෝතමී පාරේ ස්ථානයක සිදුකළ වැටලීමකදී ය.

එමෙන් ම,මෙම පිරිස අදාළ වංචාව සඳහා යොදාගත් ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන රැසක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.

මෙම පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශ II ස්ථානාධිපති උපුල් ගල්වල ඇතුළු කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.