සිංහරාජයෙන් හමු වූ වසර 13,000ක් පැරණි ටයිල් කළ ගල්ලෙනක්. - (PHOTO)

By Wayomi Jan 26, 2025 08:34 AM GMT
Report

සිංහරාජ වනාන්තරයට අයත් පාලින්දනුවර, රූණකන්ද වනයේ, රුසිගල කඳු ප්‍රදේශයේ පිහිටි කැබැල්ල ලෙනෙන් හමු වූ සුමට බිම් ඇතුරුම් පාෂාණ ඵලසක් වසර 13,000ක් තරම් ඉපැරණි ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් බව නවීන කාල නිර්ණයන් මඟින් තහවුරු වී තිබෙනවා.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ ඇතුරුම් පාෂාණ වර්තමාන ‘ටයිල්’ මෙන් ඔප්නංවා, ඉතා ක්‍රමවත්ව නිම කර තිබීමයි.

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය සහ චීනයේ සිචුආන් විශ්වවිද්‍යාලය ඒකාබද්ධව මේ පර්යේෂණ කටයුතු සිදු කරනු ලැබූ අතර, එහිදී කැණීම් කළමනාකරු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පාහියංගල සුමංගල හිමියන්පවසා ඇත්තේ, මේ ගල්ලෙන මහා පරිමාණයෙන් ගල් ආයුධ තැනූ කර්මාන්තශාලාවක්ව පැවති බව නිගමනය කළ හැකි බවයි.

රජයෙන් ඇප රහිත ණය ක්‍රමයක්. - ඒ ගැන මහා බැංකු අධිපතිගෙනුත් ප්‍රකාශයක්.

රජයෙන් ඇප රහිත ණය ක්‍රමයක්. - ඒ ගැන මහා බැංකු අධිපතිගෙනුත් ප්‍රකාශයක්.

කැණීමේදී හමු වූ ඊතල තුඩු ඇතුළු ගල් ආයුධ සම්භාරය මෙන්ම බිම් ඇතුරුම් පාෂාණ ස්තරයේ දක්නට ලැබෙන කඩතොලුද මේ නිගමනයට හේතු වී ඇත.

මේ කැණීමේදී මුහුදු බෙලිකටු සහ මෝර දත් රැසක්ද හමු වී ඇති අතර, ඒ බෙලිකටු සහ මෝර දත්වල මැද දක්නට ලැබෙන සිදුරු හේතුවෙන් ඒවා මාල පෙති (පෙන්ඩන්ට්) ලෙස පැලඳීමට භාවිත කර ඇති බවත්, මෙහි විසූ ආදි මානවයා සාගර ප්‍රදේශ ආශ්‍රිතවද කටයුතු කර ඇති බවත් නිගමනය කළ හැකි යැයි උන් වහන්සේ වැඩිදුරටත් පැවසූහ. කැණීමේදී හමු වූ නියදි අමෙරිකාවේ බීටා ආයතනයට යොමු කර, ‘සී14’ කාල නිර්ණය කටයුතු සිදු කර ඇති අතර, පර්යේෂණය පිළිබඳ පූර්ණ වාර්තාව එංගලන්තයේ පළ වන, ලොව විශිෂ්ටතම විද්‍යා ප්‍රකාශනයක් වන ‘ක්වාටර්නරි සයන්ස් රිවීව්ස්’ (Quaternary Science reviews) සඟරාවේ ජනවාරි 21 කලාපයේ පළ කරනු ලැබුවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ පිහිටි එකම ප්‍රාථමික වැසි වනාන්තරය වන සිංහරාජය ආශ්‍රිතව වසර 13,000ක් තරම් ඉපැරණි ප්‍රාග් ඓතිහාසික මානව සාධක හමු වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

ගේන වාහන චුට්ටක් මිල වැඩිවෙයි. මං යන්නේ වාහන 3ක විතරයි. - ජනපති අනුර.

ගේන වාහන චුට්ටක් මිල වැඩිවෙයි. මං යන්නේ වාහන 3ක විතරයි. - ජනපති අනුර.



You May Like This Video

  

Gallery