මාස 10කින් රෝගීන් 1250ක් - අවුරුදු 14 ට අඩු ළමුන් 131ක් ඒ අතර.. මේ ගැනත් නිරන්තර අවදානයෙන් පසුවෙන්න..
By krishani
මේ වසරේ ගත වූ මාස 10 තුළ මෙරටින් ලාඳුරු රෝගීන් 1250 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ඒ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ඒ අතර වයස අවුරුදු 14 ට අඩු ළමුන් 131 දෙනෙකු වන බව ලාඳුරු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, මේ වනවිට වාර්තා වන්නේ මීට වසර 5 කට හෝ 7 කට පෙර ලාඳුරු බැක්ටීරියාව ශරීරගත වූ රෝගීන් බව වැඩිදුරටත් ඔහු කියා සිටියේ ය.
මේ අතර, මේ දිනවල දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ සහිත ස්වසන රෝගී තත්ත්වයක් වාර්තා වේ.
එය කොවිඩ් 19 සහ ඉන්ෆ්ලුවෙන්සා ඇතුලු වෛරස කිහිපයක සම්මිශ්‍රණයක් විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළේ ය.
වැඩිදුර තොරතුරු පහතින්,

ඔයාගේ දරුවාටත් මේ රෝග ලක්ෂණ තියෙනවද කියලා බලන්න - එහෙනම් අනිවාර්යයෙන්ම මේ දේ කරන්න.. දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න.