මේක විශාල කරදරයක් උනානේ..මෙහෙම ගියොත් අපේ ඈයොන්ට අත පිහිදන් බලන් ඉන්න තමා වෙන්නේ..

Report

යාපනය, පේදුරුතුඩුව මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක දී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමග ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු ඊයේ (27) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසනවා.

සියල්ලෝම බියෙන් සලිත කරමින් කටුවාපිටිය දේවස්ථානයෙන් ඇසුණු වෙඩි හඬ

සියල්ලෝම බියෙන් සලිත කරමින් කටුවාපිටිය දේවස්ථානයෙන් ඇසුණු වෙඩි හඬ

උතුරු නාවික විධානය මගින් සිදු කරන ලද සෝදිසියක දී පේදුරුතුඩුව මුහුදු තීරයට ඔබ්බෙන් වූ ප්‍රදේශයක දී අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රාවක් නිරීක්ෂණය වී ඇති අතර ඉන්පසුව සිදු කළ පරීක්ෂණයක දීයි අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි, ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට පියවර ගැනුණා.

හදිසියේම ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඉවත් වෙයි ...

හදිසියේම ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඉවත් වෙයි ...

මේ අතර 2024 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මගින් අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 62ක් සහ ඉන්දීය ධීවරයින් 462ක් නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති බවට නාවික හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කළා.