මන්නාරම් මුහුදේ ඉන්දීය ධීවරයින් 12ක් සමග යාත්‍රාව අල්ලයි

Report

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම් දකුණු දෙසින් පිහිටි මෙරට මුහුදු සීමාව තුළ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අනවසර ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමග ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාවේ නිරීක්ෂණ මෙහෙයුම්වලදී එම මුහුදු සීමාව තුළ ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් ධීවර කටයුතුවල නිරත වන බව හඳුනාගෙන තිබූ අතර, ඒ අනුව මෙම යාත්‍රාව සහ එහි කාර්ය මණ්ඩලය අල්ලා ගැනීම සිදු කර ඇත.

රේගු නිලධාරීන් කළු පටි පැලඳ අද සිට සේවයට

රේගු නිලධාරීන් කළු පටි පැලඳ අද සිට සේවයට

අත්අඩංගුවට ගත් යාත්‍රාව සහ ධීවරයින් 12 දෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා දික්ඕවිට ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දී ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

මෙය මෑත කාලයේදී ඉන්දීය ධීවර යාත්‍රා මගින් ශ්‍රී ලංකාවේ මුහුදු සීමා උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් සිදු වූ තවත් සිදුවීමකි.

ලංකාවට ආපු 9 වෙනි ගල් අඟුරු නැවත් බාලයි සජිත්ගෙන් චෝදනා

ලංකාවට ආපු 9 වෙනි ගල් අඟුරු නැවත් බාලයි සජිත්ගෙන් චෝදනා