පොල් ගෙඩියක් වැටී මාස 11 ක ළදැරියකගේ දිවි අහිමි වේ...
By Parami Dissanayake
ගලහා දෙල්තොට නාරන්හින්න වත්තේ පදිංචි මාස 11 ක් වූ ලෝගේෂ්වරන් කියාංෂිනි නමැති දැරිය සිය පියාගේ ඇකයේ සිටියදී ම හිසට පොල් ගෙඩියක් වැටීමෙන් මියගොස් ඇතැයි ගලහා පොලිසිය පවසනවා.
පියා මෙම ළදැරිය රැගෙන අසල්වැසි නිවසක් වෙත ගොස් යළි එමින් සිටියදී එම නිවස ඉදිරිපිට ඇති අඩි තිහක් පමණ ඉතා උස පොල් ගසක තිබුණු වේළුණු ගෙඩියක් ඇගේ හිසට වැටී තිබෙනවා.
ඉන්පසු මොවුන් ත්‍රිරෝද රථයකින් එම දැරිය දෙල්තොට ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගොස් තිබූ අතර ඇගේ තත්ත්වය ඉතා බරපතළ නිසා එම රෝහලින් ඇය පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත යවා තිබුණත්,ඊයේ දහවල් ඇය මියගොස් ඇති බව ගලහ පොලිසිය පවසා සිටිනවා.
මොවුන් පදිංචි පේළි නිවාස අසල ඇති මෙම පොල් ගසේ ගෙඩි පැසී තිබෙන විට කිසිවකුත් ඒවා කඩා නොමැති අතර එම ගෙඩි වේළී අනාරක්ෂිත ලෙස බිමට වැටෙන බව පරීක්ෂණ පවත්වන පොලිසිය අනාවරණය කරගෙන ඇත.