බිහිසුණු අපරාධයක් - සන්නද්ධ වෙඩි ප්‍රහාරයක් - මිනිස් ශරීර කොටස් මලු වල බහා මහ පාරේ
By Ashfa
එරට මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙක්සිකෝවේ මධ්‍යම ගුවානාජුවාටෝ ප්‍රාන්තයේ සලමන්කා නගරයේ පාපන්දු පිටියක සිදු වූ සන්නද්ධ ප්‍රහාරයකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් 12 දෙනෙකු බරපතල තුවාල ලබා ඇත.
නගරාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තුවක්කුකරුවන් විසින් එල්ල කරන ලද මෙම ප්‍රහාරයට වගකිවයුත්තන් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.
මියගිය 11 දෙනාගෙන් 10 දෙනෙකු සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. එමෙන්ම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 12 දෙනෙකු මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව තොරතුරු වාර්තා වේ.
තවද මෙම පාපන්දු පිටියේ වෙඩි තැබීම සිදුවීමට පැය කිහිපයකට පෙර, නගරය තුළ තිබී මිනිස් සිරුරු කොටස් අඩංගු බෑග් හතරක් හමු වූ බව ද බලධාරීන් ප්‍රකාශ කර ඇත.