11 වසර විභාගය සම්බන්ධයෙන් දින නියම වෙයි..සියලු විෂයන් සම්බන්ධයෙන් අලුත් දිනය මෙන්න.
උතුරු මැද පළාතේ 11 ශ්‍රේණියේ අවසාන වාර විභාගයේ සියලුම විෂයයන් ජනවාරි 27 වැනිදා සිට නැවත පවත්වන බව උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් දැනුම්දී තිබෙනවා.
ප්‍රශ්න පත්‍ර පිටවීමක් මුල්කරගෙන පසුගිය දිනෙක එම විභාගය තාවකාලිකව නතර කරනු ලැබීය.
උතුරු මැද පළාත් අධ්‍යාපන සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පවසා සිටියේ, විද්‍යාව සහ ඉංග්‍රීසි විෂයන්ට අදාළ ප්‍රශ්න පත්‍ර මෙලෙස පිටව ඇති බවය.
මේ අතර උතුරු මැද පළාතේ රජයේ පාසල්වල 6 සහ 7 ශ්‍රේණිවල වාර විභාග ප්‍රශ්න සමාජ මාධ්‍ය හරහා මුදා හළ ගුරුවරයාගේ වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.
එම සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් අසේල විජේසිංහ ප්‍රකාශ කළේ, එලෙස පිළිතුරු පත්‍ර පිටවී ඇත්තේ හයවන ශ්‍රේණියට අදාළ භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයේ බවටයි.
You May Like This Video