100 වැනි ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානයේ සංවත්සර සමුළුව ප්‍රංශයේ දී ...
By Parami Dissanayake
ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානයේ 100 වැනි සංවත්සර සමුළුව මේ දිනවල ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම සමුළුවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වී ඇති බව ද සඳහන් ය.
එමෙන් ම, ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr. Hugo Idoyaga Benitez මහතාගේ ආරාධනයක් පරිදි අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස මෙම සමුළුවට සහභාගී වී තිබෙන බව වාර්තා වේ.