බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් ගැන භයානක හෙළිදරව්වක් - ඇග කිළිපොලා යන ඇත්තක් මෙන්න

Report

වසරේ මේ දක්වා සිදු කරන ලද පරීක්ෂණවලදී බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ගෙන් සියයට 10 ක් පමණ මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට තහවුරු වී ඇති බව වාර්තා වේ.

ජාතික ප්‍රවාහන අධිකාරියේ සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා මහතා පැවසුවේ බස්නාහිර, දකුණ, වයඹ සහ සබරගමුව පළාත් ආවරණය වන පරිදි මෙම පරීක්ෂණ සිදු කළ බවයි.

ලංකාවේ ඉන්ධන මිල ඉහළට? මාසික තෙල් මිල සංශෝධනයේ වෙනසක් - බලශක්ති අමාත්‍යාංශයෙන් අලුත් සැලසුමක්

ලංකාවේ ඉන්ධන මිල ඉහළට? මාසික තෙල් මිල සංශෝධනයේ වෙනසක් - බලශක්ති අමාත්‍යාංශයෙන් අලුත් සැලසුමක්

බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඉලක්ක කර ගනිමින් මේ දක්වා පරීක්ෂණ 7,602 ක් පවත්වා ඇත. පවත්වන ලද පරීක්ෂණවලින් සියයට 5 ත් 10 ත් අතර ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බව සොයාගෙන ඇති බව සභාපතිවරයා ප්‍රකාශ කළේය.

මෙම පරීක්ෂණ මත්ද්‍රව්‍ය වර්ග හතරක් සම්බන්ධයෙන් සිදු කරන ලද බවත්, පරීක්ෂා කරන ලද පුද්ගලයින්ගෙන් එක් අයෙකු මෙම මත්ද්‍රව්‍ය එකක් හෝ කිහිපයක් භාවිතා කර ඇති බවත් තහවුරු වූ බව වාර්තා වේ.

සෑම ලාංකිකයෙකුටම වාහනයක් - වාහන මිල අඩු වීමක් ගැන ප්‍රකාශයක්

සෑම ලාංකිකයෙකුටම වාහනයක් - වාහන මිල අඩු වීමක් ගැන ප්‍රකාශයක්