තරඟකරුවන් 85,000ක් පරදා කළමනාකරණ සේවයට තේරුණු තරුණ තරුණියන් 1,252කට අද පත්වීම්
කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණිය සඳහා තේරී පත් වූ නිලධාරීන් 1,252 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (07) දින සිදු කිරීමට නියමිතය.
මෙම උත්සවය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.
2025 ඔක්තෝබර් 05 වැනිදා පැවති විවෘත තරග විභාගයට අයදුම්කරුවන් 85,000කට ආසන්න පිරිසක් සහභාගී වූ අතර, එමපිරිස අතරින් නිලධාරීන් 1,252 දෙනෙකු තේරී පත්ව ඇත.
විභාගයේ ප්‍රතිඵල මෙන්ම 2026 මැයි 22, 23 සහ 24 යන දිනවල පැවැත්වූ සම්මුඛ පරීක්ෂණවල ප්‍රතිඵල සැලකිල්ලට ගනිමින් දක්ෂතා පදනම් කරගෙන මෙම තේරීම සිදු කර තිබේ.
පත්වීම්ලාභීන් සියලුදෙනාම වයස අවුරුදු 18ත් 29ත් අතර තරුණ තරුණියන් වන අතර, සිංහල මාධ්‍යයෙන් 1,006 දෙනෙකු, දෙමළ මාධ්‍යයෙන් 217 දෙනෙකු සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් 29 දෙනෙකු ඒ අතරට අයත් වෙති.
ලේ විලක් වුණු මීගමුව බන්ධනාගාරයේ නවතම තත්ත්වය මෙන්න - රැදවියන් තවමත් අඛණ්ඩ විරෝධතාවයක තත්ත්වය පාලනයට ත්‍රිවිධ හමුදාවම එයි