පළාත් සෞඛ්‍යයට හා අධ්‍යාපනයට රුපියල් බිලියන 09ක්.

By Hashini Nov 03, 2023 03:49 AM GMT
Report

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර ප්‍රකාශ කරන්නේ පළාත් නවයෙහි අධ්‍යාපනය හා සෞඛ්‍ය නැංවීමට රුපියල් බිලියන 09ක් වෙන් කර ඇති බවයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (02) කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

රාජ්‍ය අමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ පළාත් පාලන ආයතනවල සිටින මෙතෙක් ස්ථිර කර නොමැති සේවකයින් 8,400ක් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ වහාම ස්ථිර කරන බවයි.