සිසුවියන් 03ක් සහ සිසුන් 02ක් සිපගෙන දුරකථනයෙන් කරපු වැඩක් මාට්ටු වෙයි..
බාලවයස්කාර දැරියන් තිදෙනෙකු සහ පිරිමි දරුවන් දෙදෙනෙකු සිපගෙන අනතුරුව ඔවුන්ට තම ජංගම දුරකථනයේ තිබූ අසභ්‍ය දර්ශන පෙන්වූ බව කියන පාසල් කාර්යාල කාර්ය සහායකවරයෙකු වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් වාර්තා වනවා.
වෙන්නප්පුව - මිරිස්සන්කොටුව ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක විදුහල්පතිවරයා පොලීසියට කර ඇති පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
ලුණුවිල, බණ්ඩිරිප්පුවේ පදිංචි වයස අවුරුදු 24ක් වන පුද්ගලයෙක් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.
විදුහල්පතිවරයා පොලීසියට පැමිණිලි කර ඇත්තේ, අදාළ විද්‍යාලයේ 04 ශ්‍රේණියේ පන්ති කාමරය තුළදී දැරියන් තිදෙනෙකු සහ දරුවන් දෙදනෙකු සිපගෙන අනතුරුව එම දරුවන්ට තම ජංගම දුරකථනයේ තිබූ අසභ්‍ය දර්ශන කිහිපයක් පෙන්වා ඇති බවයි.
මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේදී එම පන්ති කාමරය තුළ ගුරුවරයෙකු හෝ ගුරුවරියක් සිට නොමැති බවයි විදුහල්පතිවරයා පවසා ඇත්තේ.
පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වී ඇති පොලීසිය සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මාරවිල මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.