Gagana - Sri Lanka Sinhala News Website | Sri Lanka Sinhala Latest News | Latest Breaking News Online | Daily Sri Lanka Sinhala News| Indian and World News | ශ්රී ලංකා සිංහල පුවත් වෙබ් අඩවිය | ශ්රී ලංකා සිංහල අලුත්ම පුවත්
ආර්ථික අර්බුදය හේතුවෙන් අතරමග නතර කර තිබූ බත්තරමුල්ල සෙත්සිරිපාය කාර්යාල සංකීර්ණයේ තුන්වන අදියරේ ඉදිකිරීම්, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ යළි ආරම්භ කර තිබේ.
ඒ අනුව, ව්‍යාපෘතියේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමේ උත්සවය ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ සහභාගීත්වයෙන් අද (28) පැවැත්විණි.
2019 වසරේදී ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය බහු අර්බුදකාරී තත්ත්වයන් හේතුවෙන් අත්හිටුවීමට සිදුව තිබූ අතර, මේ වන විට එහි ඉදිකිරීම් කටයුතු යළි ක්‍රියාත්මක කර තිබේ.
සෙත්සිරිපාය III අදියර මහල් 25කින් සමන්විත වන අතර, එහි සමස්ත බිම් ප්‍රමාණය වර්ග අඩි 1,395,439කි.
රුපියල් බිලියන 33.02ක ඇස්තමේන්තුගත වියදමකින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය, විදුලිබල අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ඖෂධ සංස්ථාව සමඟ එක්ව ක්‍රියාත්මක කිරීමට නියමිතය.
නවීන කාර්යාල පහසුකම්, සම්මන්ත්‍රණ ශාලා, රාජ්‍ය සේවා මධ්‍යස්ථාන, වාණිජ අවකාශ සහ වාහන නැවැත්වීමේ පහසුකම් ඇතුළත් වන පරිදි මෙම කාර්යාල සංකීර්ණය සැලසුම් කර තිබේ.
මෙම පහසුකම් හරහා රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.
පරිපාලන කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, රාජ්‍ය සේවය නවීකරණය කිරීම සහ ජාතික ආර්ථික වර්ධනයට දායක වීම අරමුණු කරගනිමින්, ව්‍යාපෘතිය මාස 30ක් ඇතුළත නිම කිරීමට බලධාරීන් සැලසුම් කර ඇත.
කොළඹ කොටුව ඇතුළු නගරයේ විවිධ ප්‍රදේශවල පිහිටි රාජ්‍ය කාර්යාල බත්තරමුල්ල සහ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයට ගෙන යාමේ රජයේ වැඩපිළිවෙළේ කොටසක් ලෙසද මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
කොළඹ වාණිජ කටයුතු සඳහා වැඩි වශයෙන් වෙන්කරමින් පරිපාලන සේවා ක්‍රමානුකූලව බත්තරමුල්ලේ ශ්‍රී ජයවර්ධනපුර කලාපයට ගෙන යාමේ වැඩපිළිවෙළ යටතේ රාජ්‍ය ආයතන රැසක් මේ වන විටත් එම ප්‍රදේශයට ස්ථානගත කර තිබේ.
හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තම ධුර කාලය තුළ වාහන භාවිතය සහ ඉන්ධන පරිභෝජනය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින්, විශේෂ විගණන වාර්තාවක දත්ත ඇතැම් කණ්ඩායම් විසින් දේශපාලන අරමුණු සඳහා විකෘති කරමින් සිටින බව සඳහන් කරයි.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් අබේවර්ධන මහතා සඳහන් කළේ 2015 සිට 2024 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු නිලධාරීන් විසින් වාහන භාවිතය පිළිබඳ නිරීක්ෂණ පිළිබඳව මහජනතාව නොමඟ යැවීමට උත්සාහ කරන බවයි.
එමෙන්ම කථානායකවරයා වශයෙන් කටයුතු කළ කාලය තුළ වාහන නවයක් භාවිතා කළ බවට කරන ලද ප්‍රකාශ "සම්පූර්ණයෙන්ම අසත්‍ය" බව ඔහු ප්‍රතික්ෂේප කළ අතර, විගණන වාර්තාවෙන්ම තහවුරු වන්නේ ඔහු පාර්ලිමේන්තුව විසින් නිල වශයෙන් සපයන ලද වාහන පමණක් භාවිතා කළ බවයි.
එසේම ඔහු පැහැදිලි කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාල චක්‍රලේඛ සහ රාජ්‍ය විධිවිධානවලට අනුකූලව, විශේෂයෙන් ආරක්ෂක අවශ්‍යතා සඳහා සියලුම වාහන වෙන් කර ඇති බවයි.
එමෙන්ම 2022 ජූලි මාසයෙන් පසු රටේ ඇති වූ විශේෂ ආරක්ෂක තත්ත්වය අනුව, ඔහුගේ ආරක්ෂාව සඳහා අමතර පිරිස් සහ වාහන යොදවා තිබෙනවා. තවද ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශ මත, ජනාධිපති ලේකම් කාර්යාලය ඉහළ ඉන්ධන පරිභෝජනයක් සහිත වෙඩි නොවදින වාහනයක් ලබා දුන් අතර, ඉන්ධන පිරිවැය වැඩිවීමට ප්‍රධාන හේතුව එය බව ද හිටපු කථානායකවරයා සඳහන් කරයි.
තවද ඔහු තර්ක කරන්නේ රටේ තුන්වන පුරවැසියා වන කථානායකවරයා විසින් සිදු කරන ලද නිල රථ පෙළ සහ රට පුරා සංචාරවල ඉන්ධන පරිභෝජනය සාමාන්‍ය පුද්ගලයෙකුගේ පුද්ගලික වාහන භාවිතය සමඟ සංසන්දනය කිරීම “විද්‍යාත්මක නොවන” බවටයි.
එමෙන්ම කථානායකවරයා ලෙස දිවයින පුරා බහුලව සංචාරය කිරීමට සිදු වූ බවත්, එවැනි රාජකාරි වෙනුවෙන් ස්වභාවිකවම ඉහළ ඉන්ධන පරිභෝජනයක් අවශ්‍ය වූ බවත් ඔහු සඳහන් කරයි.
අක්‍රමිකතා පිළිබඳ සාක්ෂි ඇත්නම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමාගේ විරුද්ධත්වයක් නොමැති බවත් මහින්ද යාපා අබේවර්ධන මහතා අවධාරණය කර ඇත.
ඊට අමතරව ඔහු කියා සිටියේ සියලුම වාහන ධාවන වාර්තා සහ ඉන්ධන භාවිත වාර්තා පාර්ලිමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන අතර ඕනෑම කෙනෙකුට ඒවා සත්‍යාපනය කළ හැකි බවයි.
එසේම පටු අරමුණු සඳහා අර්ධ දත්ත භාවිතා කිරීමෙන් සත්‍යය විකෘති නොකරන ලෙස ඔහු දේශපාලන කණ්ඩායම්වලින් ඉල්ලා සිටියා.
මේ අතර හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අවධාරණය කළේ 2022 වසර තුළ රට දැඩි ආර්ථික හා සමාජීය අස්ථාවරත්වයකට මුහුණ දුන් බවත්, එය පාර්ලිමේන්තු පරිපාලනයට සහ ආරක්ෂක විධිවිධානවලට සෘජුවම බලපෑ බවත් ය.
එම කාලය තුළ ස්ථාවරත්වය පවත්වා ගැනීමට කාර්ය මණ්ඩලයේ සහ ආයතනවල කැපවීම ඔහු අගය කළ අතර ඉදිරිය දෙස බලමින්, පාලනය ශක්තිමත් කිරීම සහ ජාතික ආර්ථික වර්ධනයට දායක වීමට පරිපාලන නවීකරණය ඇතුළු ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළා.
එමෙන්ම ඔහුගේ ප්‍රකාශය අවසන් වූයේ විනිවිදභාවය සහ වගවීම සඳහා වන ඉල්ලීමකින් වන අතර, දේශපාලන වාසි සඳහා විගණන දත්ත අනිසි ලෙස භාවිතා කිරීමට එරෙහිව අනතුරු ඇඟවීමක් ද කරමින්.
ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසා ඇත්තේ නාවලපිටිය ජයතිලක ක්‍රීඩා සංකීර්ණය ක්‍රීඩා අමාත්‍යංශයට පවරා ගෙන එහි ඉදිරි සංවර්ධන කටයුතු සිදු කරන බවයි.
නාවලපිටිය ජයතිලක ක්‍රීඩා සංකීර්ණය ක්‍රිඩා අමාත්‍යාංශයට පවරා ගැනිමට පෙර එහි නිරික්ෂණ චාරිකාවකට එක් වී මාධ්‍යට අදහස් දැක්වීමේදී ඔහු මේ බව පවසා ඇත.
ඔහු පැවසුවේ මෙරටට දක්ෂ ක්‍රීඩකයින් බිහි කිරිමට ක්‍රීඩාවට අවශය භෞතික සම්පත් වැඩි දියුණු කල යුතු බවයි.
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිණී තුෂාරී ජයසිංහ, නාවලපිටිය නගර සභාවේ සභාපති අමල් ප්‍රියංකර යන මහත්ම මහත්මීන්ගේ ආරාධනාවක් අනුව ජයතිලක ක්‍රීඩාංගණයේ නිරික්ෂන චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය.
පසුව සාකච්ඡාවෙන් අනතුරුව නිරීක්ෂණය සඳහා ක්‍රීඩා අමාත්‍යතුමන් පිටවීමේදී නාවලපිටිය කදිරේෂන් දෙමල විද්‍යාලයේ ආදි සිසුන් විසින් විද්‍යාලීය ක්‍රීඩා අරමුදලට ආධාර ලබා ගැනීමට සංවිධානය කළ ක්‍රිකට් තරගාවලිය සහ සංගීත ප්‍රසංගය සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමට ඉඩ ලබා නොදුන් බවටත්, ඒ සඳහා සහනයක් ලබා දෙන ලෙසටත් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් එම පිරිස ඉල්ලා ඇත.
එම විද්‍යාලයේ ආදී සිසු සංගමයේ ලේකම් නාවලපිටිය නගර සභාවේ උප සභාපති කේ.සුරේෂ්වරන් මහතා අමාත්‍යවරයා හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ තම විද්‍යාලයට ජාතික ජන බලවේග ආණ්ඩුවෙන් දේශපාලන පළිගැනීම් සිදු කරන බවත්, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර පවතිද්දීත් මහනුවර සිට ගම්පොළ දක්වා සැණකිලි සහ සංගීත ප්‍රසංග 24 ක් අවසර ලබාදී පසුව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරිමට අවසර ලබා නොදුන් බවයි.
ශ්‍රී ලංකා පොලිසිය විසින් ලබා නොදුන් අවසරයක් ලබාදීමට හැකියාවක් තමන්ට නොපවතින බවත් ප්‍රාදේශීය නියෝජිතයන් හමුවේ ගැටලු විසඳාගන්න ලෙස සුහදව ප්‍රකාශ කරමින් අමාත්‍යවරයා එම ස්ථානයෙන් නිරීක්ෂණය සඳහා පිටත්ව විය.
ක්‍රීඩාංගණයේ නිරීක්‍ෂණ චාරිකාවෙන්අනතුරුව නැවත පැමිණීමේදී කදිරේෂන් විද්‍යාලයේ ආදි සිසුන් පිරිස නැවත අමාත්‍යවරයාට බාධා කරමින් තමන්ගේ සංගීත ප්‍රසංගය පැවැත්වීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර, එම අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් ඇති විය.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) එක්ව ක්‍රියාත්මක කරන ගෙවතු වගා පාසල් පෝෂණ වැඩසටහන (HGSF) යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රතිලාභීන් වෙත කෘෂිකාර්මික උපකරණ ලබාදීම අද (28) සිදු කෙරිණි.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මෙම වැඩසටහනේදී අදාළ උපකරණ ප්‍රතිලාභීන් වෙත භාරදීම ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
පාසල් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම, ගොවි ජනතාවගේ කෘෂිකාර්මික කටයුතු කාර්යක්ෂම කිරීම සහ දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වේ. එමෙන්ම ජීවනෝපාය සහ ළමා පෝෂණය අතර සබඳතාව ශක්තිමත් කිරීම ද මෙහිදී අපේක්ෂා කෙරේ.
අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලෝක ආහාර වැඩසටහනේ සහයෝගීතාව සඳහා වූ හවුල්කාරිත්ව ලේකම් කාර්යාලය (PSWFPC) මඟින් වැඩසටහනේ සමස්ත කටයුතු සම්බන්ධීකරණය කරනු ලබයි.
උත්සවය අමතමින් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ, 1968 වසරේ සිට WFP ආයතනය ශ්‍රී ලංකාවේ පෝෂණ වැඩසටහන් ශක්තිමත් කිරීමට, ආපදා අවස්ථාවලදී සහාය වීමට සහ රටේ සංවර්ධන කටයුතු සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබාදී ඇති බවයි.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක පාසල් පෝෂණ වැඩසටහන සඳහාද WFP විශේෂ සහායක් ලබාදෙන බව සඳහන් කළ අමාත්‍යවරයා, මේ වන විට දිවයිනේ පාසල් 2,013ක සිසුන් තුන් ලක්ෂයකට අධික පිරිසකට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමට මෙම වැඩසටහන මඟින් සහාය ලැබෙන බව පැවසීය.
එමෙන්ම දේශීය ගොවිතැන් සහ සත්ත්ව පාලන කටයුතුවල නිරත ජනතාව සවිබල ගැන්වීම ද වැඩසටහනේ අරමුණක් බව ඔහු සඳහන් කළේය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් 400ක් ආවරණය කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, පාසල් දරුවන් අතර පවතින මන්දපෝෂණය අවම කිරීම එහි ප්‍රධාන අරමුණක් බවද අමාත්‍යවරයා පැවසීය.
මෙය හුදෙක් කෘෂිකාර්මික උපකරණ ලබාදෙන වැඩසටහනක් ලෙස නොසලකා, දරුවන්ගේ අධ්‍යාපනය සහ පෝෂණය වැඩිදියුණු කිරීමට මෙන්ම පවුලේ ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීමට අමතර ආදායම් මාර්ගයක් නිර්මාණය කරගැනීමට ලැබුණු අවස්ථාවක් ලෙස ප්‍රයෝජනයට ගන්නා ලෙසද අමාත්‍යවරයා ප්‍රතිලාභීන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාවට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා, නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා, WFP ශ්‍රී ලංකා නියෝජිත සහ අධ්‍යක්ෂ පිලිප් වෝඩ් මහතා, අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රතිලාභීන් පිරිසක් එක්ව සිටියහ.
දුර්ලභ රුධිර රෝගයකට ප්‍රතිකාර ගැනීමට ඉකුත් සතියේ රෝහල් ගත කිරීමෙන් පසු, නෝර්වේහි පස්වන හැරල්ඩ් රජු වයස අවුරුදු 89 දී ජීවිතක්ෂයට පත්ව ඇත.
ඒ අනුව ඔස්ලෝහි මාළිගාව සඳහන් කළේ සිකුරාදා එනම් ඊයේ(27) දේශීය වේලාවෙන් 06:35 ට (GMT 04:35) ඔස්ලෝහි ජාතික රෝහලේදී ඔහු සාමකාමීව අභාවප්‍රාප්ත වූ බවයි.
එමෙන්ම මාලිගාවේ වහලයේ රාජකීය ධජය අඩකුඹු කර තිබෙනවා.
ඔහුගේ මරණයට පෙර පැය 24 තුළ රාජකීය පවුලේ සාමාජිකයන් රජු බැලීමට ගොස් තිබූ අතර, ජනකායක් මාලිගාවේ මල් තබා තිබුණු බව සඳහන්.
එසේම 14 වන සියවසෙන් පසු නෝර්වේහි උපත ලැබූ පළමු නෝර්වේ රජු හැරල්ඩ් ය.
ඔහුගේ අනුප්‍රාප්තිකයා වශයෙන් ඔහුගේ පුත් 53 හැවිරිදි හාකොන් පත් වී ඇති අතර, ඔහු සිකුරාදා පසුව රජය සමඟ අසාමාන්‍ය රාජ්‍ය මණ්ඩලයක් පවත්වනු ඇති බව වාර්තා වේ.
මේ අතර
III වන චාල්ස් රජු සිය "හෘදයාංගම ශෝකය" පළ කළ අතර, ස්වීඩනයේ XVI වන කාල් ගුස්ටාෆ් රජු "මට, මගේ පවුලට සහ ස්වීඩනයට හොඳ මිතුරෙකු" සිහිපත් කළ අතර ඔහුගේ දේව පුත්‍රයා වන හාකොන්ට "සාර්ථකත්වය සහ වාසනාව" ප්‍රාර්ථනා කර ඇත.
සිහසුනේ වසර 35 කට පසු, හැරල්ඩ් ජනප්‍රිය හා ප්‍රතිසංස්කරණවාදී චරිතයක් වශයෙන් සිහිපත් කර‍යි.
ඔහු රාජාණ්ඩුව නවීකරණය කළ, සාමාන්‍ය වැසියෙකු සමඟ විවාහ වීමෙන් සම්ප්‍රදායන් බිඳ දැමූ සහ නෝර්වේහි දුෂ්කරම අවස්ථාවන්හිදී එක්සත් චරිතයක් වශයෙන් සේවය කළ අතර රාජකීය නිරීක්ෂකයින් සඳහන් කරන්නේ ඔහු සරල, ගෞරවනීය සහ ආදරණීය පුද්ගලයෙකු වූ බවත්, ඔහුව ජාතියේ "සීයා" සහ "ජනතා රජ" ලෙස විස්තර කළ බවත්ය.
නේපාලයට බලපෑ දැවැන්ත ගංවතුර හා නායයෑම් ව්‍යසනයට මාස පහකට පමණ පෙර, හිමාලයානු ග්ලැසියර වේගයෙන් දියවීම සහ ඉදිරියේදී ඇති විය හැකි දැඩි අවදානම් පිළිබඳ අනතුරු ඇඟවීම් ඇතුළත් වාර්තා දෙකක් නිකුත් කර තිබූ බව අනාවරණය වී තිබේ.
හින්දු කුෂ්-හිමාලයානු කලාපයේ ජනතාව වෙනුවෙන් කටයුතු කරන අන්තර් රාජ්‍ය දැනුම් හා ඉගෙනුම් මධ්‍යස්ථානයක් වන කත්මණ්ඩු නුවර පිහිටි International Centre for Integrated Mountain Development (ICIMOD) විසින් මෙම වාර්තා දෙක පසුගිය මාර්තු මාසයේදී නිකුත් කර තිබිණි.
ඉන්දියාව, නේපාලය, භූතානය සහ චීනය ඇතුළු රටවල් සාමාජිකත්වය දරන ICIMOD පෙන්වා දී තිබුණේ හින්දු කුෂ්හි-මාලයානු කලාපයේ ග්ලැසියර දියවීමේ වේගය ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවයි.
1975 වසරේ සිට මේ දක්වා ඇතැම් ග්ලැසියරවල අයිස් ඝනත්වය මීටර් 27ක් දක්වා අඩුවී ඇති බවද එම වාර්තා අනාවරණය කර තිබේ.
එම තත්ත්වය ඉදිරියේදී දැඩි අවදානමක් ඇති කළ හැකි බවට විශේෂඥයන් අනතුරු අඟවා ඇති අතර, ආසියාවේ “ජල කුලුනු” ලෙස සැලකෙන මෙම කලාපයේ ග්ලැසියර දියවීම මත පහළ ප්‍රදේශවල වෙසෙන බිලියන දෙකකට ආසන්න ජනතාවක් යැපෙන බවද සඳහන් කර ඇත.
ග්ලැසියර දියවීම වේගවත් වෙයි
ICIMOD විසින් නිකුත් කළ එක් වාර්තාවක් වන HKH Glacier Outlook 2026 මගින් නිරීක්ෂණය කරන ලද ග්ලැසියර 38ක දත්ත විශ්ලේෂණය කර තිබේ.
එහිදී අනාවරණය වී ඇත්තේ වර්ෂ 2000න් පසු ග්ලැසියර අහිමි වීමේ වේගය දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි. මෙය හිමාලයානු ග්ලැසියර පද්ධතියේ ඇතැම් කොටස් ආපසු හැරවිය නොහැකි ලෙස දියවී යාමේ තීරණාත්මක අවස්ථා ආසන්නයට පැමිණ ඇති බවට සංඥාවක් බව ICIMOD පෙන්වා දෙයි.
තවත් වාර්තාවක සඳහන් වන්නේ 1990 සිට 2020 දක්වා කාලය තුළ හින්දු කුෂ්–හිමාලයානු කලාපයේ ග්ලැසියරවල සමස්ත ප්‍රමාණය සියයට 12කින් පමණ අඩු වී ඇති අතර, ඒවායේ ඇස්තමේන්තුගත අයිස් සංචිතවලින් සියයට 9ක් පමණ අහිමි වී ඇති බවයි.
කෙසේ වෙතත්, ග්ලැසියර නිරීක්ෂණ සම්බන්ධයෙන් සැලකිය යුතු දත්ත හිඟයක් පවතින බවද ICIMOD අවධාරණය කර තිබේ. නිරීක්ෂණයට ලක් වූ ග්ලැසියර 38න් ගෝලීය ග්ලැසියර නිරීක්ෂණ සේවයේ ප්‍රමිතීන් සපුරා ඇත්තේ ග්ලැසියර හතක් පමණක් බව එම වාර්තාවේ සඳහන් වේ.
විශාල ග්ලැසියර පද්ධති පවතින කරකෝරම්, සිකිම්, සන්ස්කාර් සහ භූතානය වැනි ප්‍රදේශවල තත්ත්වය පිළිබඳව ප්‍රමාණවත් නිරීක්ෂණයක් සිදු නොවන බවද වාර්තා කර තිබේ.
නේපාල ගංවතුරට දේශගුණික විපර්යාස බලපා තිබේද?
නේපාලයේ මෑතකදී සිදුවූ ගංවතුරට නිශ්චිත හේතුව තවමත් විද්‍යාඥයන් විසින් පරීක්ෂා කරමින් සිටින අතර, එය සාධක කිහිපයක එකතුවක් විය හැකි බවට මත පළ වී තිබේ.
ඒ අතරින් වඩාත් අවධානයට ලක්ව ඇති කරුණක් වන්නේ අධික උන්නතාංශවලදී හිම වැටීම වෙනුවට වර්ෂාව ලැබීමයි.
මීටර් 4,000කට වැඩි උන්නතාංශයක පවා වර්ෂාව ඇතිවීම උෂ්ණත්වය ඉහළ යාම සමඟ සම්බන්ධ විය හැකි බව විශේෂඥයන් පෙන්වා දෙති.
ICIMOD පර්යේෂකයන් මේ වනවිට ඉහළ කඳුකර ප්‍රදේශයකින් ආරම්භ වූ අයිස් සහ ගල් කඳු කඩා වැටීමක් මෙම ගංවතුරට හේතු වූයේද යන්න පිළිබඳවද විමර්ශනය කරමින් සිටිති.
එවැනි අයිස් සහ ගල් විශාල ප්‍රමාණයක් භෝටේ කොෂි ගංගාවේ අතු ගංගාවක් වන ලෙන්ඩේ කොළා වෙත එක්වීමෙන් ජලය, මඩ සහ විශාල ගල් කැබලි සහිත දැවැන්ත ජල පහරක් පහළ ප්‍රදේශ වෙත ගලා යන්නට ඇති බවට සැක කෙරේ.
ICIMOD හි ජ්‍යෙෂ්ඨ ක්‍රයෝස්ෆියර් විශේෂඥ මොහොමඩ් ෆාරූක් අසාම් පෙන්වා දී ඇත්තේ ග්ලැසියර පසුබැසීමත් සමඟ හිම ආවරණය අඩුවීම, නිරාවරණය වන පාෂාණ හා හිස් භූමි ප්‍රමාණය වැඩිවීම සහ පර්මාෆ්‍රොස්ට් දියවීම කඳු බෑවුම් වඩාත් අස්ථාවර කිරීමට හේතු වන බවයි.
බිලියන ගණනක ජනතාවකට බලපාන අවදානමක්
ලෝකයේ ධ්‍රැවීය ප්‍රදේශවලින් පිටත විශාලතම අයිස් සංචිතය පවතින්නේ හින්දු කුෂ්–හිමාලයානු කලාපයේය. ICIMOD දත්ත අනුව එම කලාපයේ ග්ලැසියර 63,700කට අධික සංඛ්‍යාවක් පවතින අතර ඒවා වර්ග කිලෝමීටර් 55,000කට වැඩි ප්‍රදේශයක් ආවරණය කරයි.
එම ග්ලැසියර ආසියාවේ ප්‍රධාන ගංගා පද්ධති 10කට ජලය සපයන අතර, බිලියන ගණනක ජනතාවගේ ආහාර, ජලය, බලශක්තිය සහ ජීවනෝපාය සඳහා වැදගත් දායකත්වයක් ලබා දෙයි.
විශේෂයෙන් මීටර් 4,500ත් 6,000ත් අතර උන්නතාංශයක පිහිටි ග්ලැසියර ප්‍රදේශවලින් සියයට 78ක් පමණ උන්නතාංශය අනුව සිදුවන උෂ්ණත්ව ඉහළ යාමේ බලපෑමට දැඩි ලෙස නිරාවරණය වී ඇති බව ICIMOD පෙන්වා දෙයි.
එමෙන්ම, 1990 සිට 2020 දක්වා කාලය තුළ නැගෙනහිර හෙන්ග්ඩුවාන් ෂාන් කඳුකරයේ ඇතැම් ප්‍රදේශවල ග්ලැසියර ප්‍රමාණයෙන් සියයට 33ක් දක්වා අහිමි වී ඇති බවද වාර්තා කර තිබේ.
ග්ලැසියර ප්‍රමාණයේ විශාලතම සමස්ත අඩුවීම් ඉන්දු, ගංගා සහ බ්‍රහ්මපුත්‍ර ගංගා ද්‍රෝණි ආශ්‍රිතව වාර්තා වී ඇති අතර, කලාපයේ ග්ලැසියරවලින් සියයට 74කට වැඩි ප්‍රමාණයක් එම ද්‍රෝණිවල පිහිටා තිබීම තත්ත්වයේ බරපතළකම තවදුරටත් ඉස්මතු කරයි.
මේ අනුව, නේපාලයේ මෑතකාලීන ව්‍යසනය නිශ්චිතවම දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවූවක් බව තහවුරු කිරීමට තවදුරටත් විද්‍යාත්මක පරීක්ෂණ අවශ්‍ය වුවද, මීට මාස කිහිපයකට පෙර නිකුත් කළ ICIMOD වාර්තා මගින් හිමාලයානු කලාපයේ ඉහළ යමින් පවතින අවදානම පිළිබඳ පැහැදිලි සංඥාවක් ලබාදී තිබූ බව පෙනී යයි.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) දත්ත පදනම් කරගනිමින් Visual Capitalist ආයතනය නිකුත් කළ ලෝක අවම වේතන සංසන්දනාත්මක වාර්තාවට අනුව, සමීක්ෂණයට ලක් කළ රටවල් 130 අතුරින් ශ්‍රී ලංකාව 120 වැනි ස්ථානයට පත්ව ඇති බව වාර්තා වේ.
එක් එක් රටවල පවතින ජීවන වියදම සහ සේවකයන්ගේ මිලදී ගැනීමේ හැකියාව අනුව සකස් කරන ලද මෙම ශ්‍රේණිගත කිරීමට අනුව, ශ්‍රී ලංකාවේ මාසික අවම වේතනයේ මිලදී ගැනීමේ හැකියාව ඇමරිකානු ඩොලර් 200ක් වශයෙන් දක්වා ඇත.
එසේම මිලදී ගැනීමේ හැකියාව අනුව මාසිකව ඩොලර් 3,804ක අවම වේතනයක් හිමි ස්විට්සර්ලන්තය ලොව ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත.
මේ අතර
පළමු රටවල් 10 අතරට ඇතුළත් වන අනෙකුත් රටවල් වශයෙන්, ජර්මනිය: ඩොලර් 2,928, එක්සත් රාජධානිය: ඩොලර් 2,902, නෙදර්ලන්තය: ඩොලර් 2,876, ඕස්ට්‍රේලියාව: ඩොලර් 2,819, බෙල්ජියම: ඩොලර් 2,752, අයිස්ලන්තය: ඩොලර් 2,730, නවසීලන්තය: ඩොලර් 2,673, ප්‍රංශය: ඩොලර් 2,465, අයර්ලන්තය: ඩොලර් 2,433 එම වාර්තාවට ඇතුළත් වේ.
එමෙන්ම ආසියාවේ ඉහළම අවම වේතනය හිමි දකුණු කොරියාව (ඩොලර් 2,362) ලෝක මට්ටමින් 11 වැනි ස්ථානයටත්, ජපානය (ඩොලර් 1,839) 16 වැනි ස්ථානයටත් පත්ව ඇති බව වාර්තා වේ.
එසේම දකුණු ආසියාතික රටවල් අතුරින් ශ්‍රී ලංකාව පහළින්ම පසුවන අතර, අසල්වැසි රටවල් රැසක් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් පසුවෙයි. එබැවින් පාකිස්ථානය: 68 වන ස්ථානය (ඩොලර් 570), නේපාලය: 78 වන ස්ථානය (ඩොලර් 490), බංග්ලාදේශය: 89 වන ස්ථානය (ඩොලර් 379), ඉන්දියාව: 111 වන ස්ථානය (ඩොලර් 233) ලෙසයි දැක්වේ.
මේ අතර මෙම දර්ශකයේ ශ්‍රී ලංකාවට පහළින් සිටින්නේ නයිජර්, භූතානය, හයිටිය, ගිනියාව, මධ්‍යම අප්‍රිකානු ජනරජය, සියරා ලියොන්, ඝානාව, කිර්ගිස්ථානය, ගිනි-බිසව් සහ ගැම්බියාව (ඩොලර් 67) යන රටවල් 10 යි.
එමෙන්ම සෘජු ඇමරිකානු ඩොලර් ආදායම වෙනුවට පවත්නා දේශීය මිලදී ගැනීමේ හැකියාව මත මෙම අගයන් පරිවර්තනය කර තිබෙන අතර, බදු හෝ වෙනත් අමතර දීමනා මීට ඇතුළත් නොවන බව Visual Capitalist වාර්තාව වැඩිදුරටත් දක්වයි.
නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ සංචාරකයින් සඳහා භාවිත කරන පෝනියෙකුට අමානුෂික ලෙස පහර දුන් බවට චෝදනා එල්ල වූ 26 හැවිරිදි පුද්ගලයෙකු නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පුද්ගලයෙකු පෝනියෙකුට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වීමෙන් අනතුරුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් අතර ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ග්‍රෙගරි වැව අවට සංචාරකයින් රැගෙන යාම සඳහා පෝනියන් බහුලව භාවිත කරනු ලබයි.
අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු අද (28) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.
විජේ දේවරකොන්ඩා සහ රශ්මිකා මන්දනා ප්‍රධාන චරිත නිරූපණය කරන වීර කාව්‍යමය නාට්‍ය චිත්‍රපටයක් වන ‘රණබාලි’ ඔක්තෝබර් 16 වනදා ලොව පුරා සිනමාහල්වලට නිකුත් කිරීමට නියමිතය.
චිත්‍රපටයේ නිෂ්පාදකයින් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ නව පෝස්ටරයක් සමඟ චිත්‍රපටයේ තිරගත වන දිනය නිල වශයෙන් නිවේදනය කර තිබේ. එම පෝස්ටරයේ විජේ දේවරකොන්ඩා ඓතිහාසික පසුබිමකට ගැළපෙන දැඩි පෙනුමකින් දැක්වේ.
රාහුල් සංක්‍රිත්‍යන් විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටය හරහා විජේ දේවරකොන්ඩා සහ රශ්මිකා මන්දනා යළිත් වරක් එකම තිරයේ දැකගත හැකි වේ. මෙම දෙදෙනා මීට පෙර ‘ගීතා ගෝවින්දම්’ සහ ‘ඩියර් කොම්රේඩ්’ වැනි චිත්‍රපටවලද එකට රංගනයෙන් දායක වී තිබේ.
චිත්‍රපටයේ නිකුත් වන දිනය නිවේදනය කරමින් නිෂ්පාදකයින් විජේ දේවරකොන්ඩාගේ රළු පෙනුමක් සහිත පෝස්ටරයක් ද සමාජ මාධ්‍ය වෙත එක්කර තිබිණි. එහි සඳහන් කර තිබුණේ, “අපේ ඉතිහාසයේ අඳුරුතම පරිච්ඡේදය මේ ඔක්තෝබර් මාසයේදී ආරම්භ වේ” යනුවෙනි.
ඓතිහාසික පසුබිමක් තුළ දිගහැරෙන ‘රණබාලි’ චිත්‍රපටයේ කතාව යහපත සහ නපුර අතර ගැටුමක් වටා ගොඩනැගී තිබේ. දුසේරා උත්සව සමයට සමගාමීව චිත්‍රපටය සිනමාහල් වෙත ගෙන ඒමට නිෂ්පාදකයින් සැලසුම් කර ඇත.
චිත්‍රපටයේ සංගීත නිර්මාණය අජේ-අතුල් විසින් සිදුකර ඇති අතර, මෙය මයිත්‍රි මූවි මේකර්ස්ගේ නිෂ්පාදනයකි.
විජේ සහ රශ්මිකා යළිත් එකට රංගනයෙන් දායක වීම හේතුවෙන් ‘රණබාලි’ මේ වන විටත් රසිකයින් අතර දැඩි අවධානයක් දිනාගෙන ඇති චිත්‍රපටයක් බවට පත්ව තිබේ.
මේ අතර, විජේ දේවරකොන්ඩා සහ රශ්මිකා මන්දනා මෙම වසරේ පෙබරවාරි 26 වනදා උදයපූර්හිදී පැවති පෞද්ගලික නමුත් උත්කර්ෂවත් උත්සවයකදී විවාහ වූ බවද වාර්තා වේ. එම අවස්ථාවට ඔවුන්ගේ සමීප මිතුරන් සහ පවුලේ සාමාජිකයින් පිරිසක් එක්ව සිටියහ.
‘රණබාලි’ ඔක්තෝබර් 16 වනදා ලොව පුරා සිනමාහල්වල තිරගත වීමට නියමිතය.
රශ්මිකා මන්දනා අවසන් වරට විශාල තිරයේ දැකගත හැකි වූයේ ජුනි 19 වනදා නිකුත් වූ හින්දි ආදර හාස්‍ය චිත්‍රපටයක් වන ‘කොක්ටේල් 2’ චිත්‍රපටයෙනි. එහි ෂාහිඩ් කපූර් සහ ක්‍රිති සනොන් ද ප්‍රධාන චරිත නිරූපණය කරති. ඇයගේ ඉදිරි ව්‍යාපෘති අතර ‘මයිසා’ ද ඇතුළත් වේ.
අනෙක් අතට, විජේ දේවරකොන්ඩා අවසන් වරට රංගනයෙන් දායක වූයේ 2025 වසරේදී ගෞතම් තින්නනුරි විසින් අධ්‍යක්ෂණය කළ තෙළිඟු ක්‍රියාදාම-නාට්‍ය චිත්‍රපටයක් වන ‘කිංග්ඩම්’ සඳහාය.
රුසියාවේ ප්‍රමුඛ ගුවන් සේවයක් වන S7 Airlines, 2026 දෙසැම්බර් 20 වනදා සිට සයිබීරියාවේ නොවොසිබිර්ස්ක් නගරය සහ කොළඹ අතර නව ජාත්‍යන්තර ගුවන් සේවයක් ආරම්භ කිරීමට නියමිත බව Aviation Voice Asia වාර්තා කරයි.
මෙම නව ගුවන් සේවය හරහා සයිබීරියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සම්බන්ධතාවක් ස්ථාපිත වන අතර, රුසියානු සංචාරකයින්ට කොළඹ මෙන්ම හික්කඩුව, බෙන්තොට සහ ත්‍රිකුණාමලය වැනි ජනප්‍රිය සංචාරක ගමනාන්ත වෙත පහසුවෙන් ළඟා වීමට අවස්ථාව සැලසෙනු ඇත.
මෙම ගුවන් ගමන් සතියකට දෙවරක්, බ්‍රහස්පතින්දා සහ ඉරිදා යන දිනවල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
නොවොසිබිර්ස්ක්හි ටොල්මාචෙවෝ ගුවන්තොටුපළෙන් බ්‍රහස්පතින්දා පෙරවරු 5.15ටත්, ඉරිදා පෙරවරු 5.00ටත් ගුවන් යානා පිටත් වන අතර, පස්වරු 1.40ට පමණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා වීමට නියමිතය.
කොළඹ සිට ආපසු ගුවන් ගමන් එම දිනවලම පස්වරු 2.50ට පිටත්වී, පසුදා අලුයම 2.15ට පමණ නොවොසිබිර්ස්ක් වෙත ළඟා වීමට නියමිතය.
මෙම ගමන සඳහා ඉන්දියාවේ ජයිපූර්හි තාක්ෂණික ඉන්ධන පිරවීමේ නැවතුමක් ද ඇතුළත් වන අතර, මගීන් එම අවස්ථාවේදී යානයෙන් බැසීමට අවශ්‍ය නොවන බව සඳහන් වේ.
ඒ අනුව, සම්පූර්ණ ගමන් කාලය පැය 10කට ආසන්න වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දකුණු ආසියානු කලාපය තුළ S7 Airlines සිය ගුවන් සේවා ජාලය තවදුරටත් පුළුල් කිරීමේ පියවරක් ලෙස මෙම නව මාර්ගය හඳුන්වා දී තිබේ.
එම නව ගුවන් සේවය සඳහා ප්‍රවේශපත්‍ර මේ වන විටත් අලෙවියට නිකුත් කර ඇති බව S7 Airlines නිවේදනය කර ඇත.
මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු වන අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා නීතිමය බාධා කිහිපයක් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කළේ රූපවාහිනී වැඩසටහනට එක්වෙමින්.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට සිය නම වෙනස් කර සිංගප්පූරු පුරවැසිභාවය ලබාගෙන ඇති බවත්, එම රටේ පවතින නීතිමය තත්ත්වයන් හේතුවෙන් ඔහුව මෙරටට ගෙන්වා ගැනීම සංකීර්ණ වී ඇති බවත් ය.
කෙසේ වුවද පවතින නීතිමය බාධාවන් මඟහරවා ගනිමින් ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය විවිධ උපක්‍රමශීලී පියවර රජය විසින් ගනිමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
එමෙන්ම බැඳුම්කර නඩුව මේ වන විට අධිකරණය හමුවේ ඉදිරියට යමින් පවතින බවත්, අපරාධ මඟින් උපයාගත් දේපළ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශේෂ ඒකකයක් ස්ථාපිත කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී හෙළි කළා.
එසේම ආනන්ද විජේපාල මහතා අවධාරණය කළේ
අපරාධකරුවන් සතු දේපළ රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු කරන බවයි.
එමෙන්ම විදේශගතව සිටින අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමේ ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මේ වන විට පුද්ගලයන් 236 දෙනෙකුට එරෙහිව රතු වරෙන්තු නිකුත් කර තිබෙන බවයි.
ඉන් රතු වරෙන්තු 110ක්ම නිකුත් කර ඇත්තේ වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව බවත් ආනන්ද විජේපාල මහතා පෙන්වා දෙයි.
තවද වත්මන් රජය යටතේ මේ වන විට පාතාල කල්ලි සාමාජිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු අපරාධකරුවන් 66 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට සමත්ව ඇති අතර තවත් රතු වරෙන්තුකරුවන් 97 දෙනෙකු පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක වන බව සඳහන්.
ඉන් 39 දෙනෙකු රැඳී සිටින රටවල් සහ ස්ථාන මේ වන විටත් හඳුනාගෙන ඇත.
එමෙන්ම
ලබන සතියේදී තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙරටට ගෙන්වා ගැනීමට නියමිත බව ද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා එහිදී වැඩිදුරටත් පැවසුවා.
මුහුදු ප්‍රදේශ කිහිපයක තද සුළං සහ රළු මුහුදු තත්ත්වයක් ඇති විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
මෙම නිවේදනය කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වාත්, මුලතිවු සිට ත්‍රිකුණාමලය දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශ සඳහා අදාළ වේ.
අදාළ මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර දක්වා ඉහළ යා හැකි අතර, එම අවස්ථාවල මුහුද රළු වීමේ හැකියාවක් පවතින බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.0ත් 3.0ත් අතර දක්වා ඉහළ යා හැකි බවටද අනතුරු අඟවා තිබේ.
මේ හේතුවෙන් ධීවර සහ නාවික කටයුතුවල නිරත වන ජනතාව අවදානම් තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත තවත් අතරමැදි පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබේ.
නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර, අනෙක් පෙත්සම විශ්‍රාමික හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ ප්‍රධාන ලේකම් කේ. සරත් ලාල් පෙරේරා මහතා විසින් ඉදිරිපත් කර ඇත.
පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ අදාළ ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීත්‍යානුකූල ක්‍රියාපටිපාටියට අනුව ඉදිරිපත් කර ඇති බවයි.
ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත ජනමත විචාරණයකට යොමු නොකර පාර්ලිමේන්තුවේදී සම්මත කළ හැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
රජයේ ඖෂධවේදීන්ගේ සංගමය විසින් ලබන 31 වැනි දින පෙරවරු 08.00 සිට එක්දින වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර ඇත.
ඒ ඔවුන්ගේ "අමතර සේවා දීමනා" සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් බව සඳහන්.
2026 අගෝස්තු 29 වන දින මුල් කරගනිමින් සෞඛ්‍ය ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන අතර එහිදී ඖෂධවේදීන්ගේ අධිකාල දීමනා නිල නාමය වෙනස්කර "අමතර සේවා දීමනා" වශයෙන් සංශෝධනය කර ඇත.
එහෙත් පසුව කිසිදු පිළිගත හැකි හේතුවක් නොදන්වා වෛද්‍ය සේවාව විසින් සිදු කරනු ලබන බලපෑම පදනම් කරගෙන එම චක්‍රලේඛය අවලංගු කර ඇති බවට එම සංගමයේ සභාපති අජිත් පී තිලකරත්න මහතා චෝදනා කරයි.
එමෙන්ම එම ගැටලු සම්බන්ධයෙන් මෙතෙක් පිළිගත හැකි විසඳුමක් ලබාදීමට බලධාරීන් කටයුතු කර නොමැති බව සඳහන්.
එබැවින් අදාළ චක්‍රලේඛය බලගන්වන ලෙස ඉල්ලා සිටින අතර එසේ නොකරන්නේ නම් එය බලගන්නවන ලෙස බලකරමින් මෙම එක්දින වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව අජිත් පී තිලකරත්න මහතා සඳහන් කරයි.
එමෙන්ම සියලුම මාතෘ හා ළමා රෝහල්, පිළිකා රෝහල් සහ මානසික සෞඛ්‍ය ආයතන මානුෂීය කාරණා පිළිබඳ අවධානය යොමු කර ඉවත් කරන බව ද ඔහු පවසයි.
සෙසු සියලුම රෝහල් තුළ හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට විශේෂ වැඩපිළිවෙළක් සූදානම් කර ඇති බවත් ඒ ඒ ආයතන සහ රෝහල් තුළ ප්‍රධාන ඖෂධවේදීන් අමතා ආයතන ප්‍රධානීන්ට එම සේවාවන් ලබාගත හැකි බවත් ඔවුන් තවදුරටත් දන්වා සිටියි.
එමෙන්ම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාවට සිදුවිය හැකි අපහසුතා අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අදාළ පාර්ශ්ව වෙත දැනුම්දී ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී තිලකරත්න මහතා වැඩිදුරටත් පවසා ඇත.
රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ පවතින නේවාසිකාගාර හිඟයට තිරසාර පිළියමක් වශයෙන් රජය විසින් මෙම වසරේදී දීපව්‍යාප්ත ලෙස විශ්වවිද්‍යාල තුළ නේවාසිකාගාර 55ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ලබා දී තිබුණා.
එහි ආරම්භය සනිටුහන් කරමින් ඉකුත් දා අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් වවුනියාව විශ්වවිද්‍යාලයේදී සිසුන් 200 කට නේවාසිකාගාර පහසුකම් ලබා ගතහැකි මහල් 4කින් යුත් නේවාසිකාගාරයකට මුල්ගල තැබීම සිදු විය.
ඒ වෙනුවෙන් රජය දරා ඇති මුදල රුපියල් මිලියන 231කට අධික බව සඳහන්.
ඊට අමතරව තවත් සිසුන් 200කට නේවාසිකාගාර පහසුකම් ලබා ගතහැකි ප්‍රමාණයේ නේවාසිකාගාරයක් සහ සිසුන් 400 කට එකවර නේවාසිකාගාර පහසුකම් ලබා ගතහැකි නේවාසිකාගාර 02ක් ද මෙම ව්‍යාපෘතිය ඔස්සේ එම විශ්වවිද්‍යාලයට හිමි වේ.
ඒ අනුව සිසුන් 1,200 කට පමණ සරිලන නේවාසිකාගාර 04ක් මේ ඔස්සේ වවුනියාව විශ්වවිද්‍යාලය තුළ ගොඩනැගීමට නියමිත බව වාර්තා වේ.
එසේම නිදහස් උසස් අධ්‍යාපනයක් යනු සිසුන්ට සිය අධ්‍යයන කටයුතු මෙන්ම, සමාජීය හා දේශපාලන ක්‍රියාකාරකම්ද නිදහස් පරිසරයක් තුළ සිදුකිරීමට ඇති හැකියාවයි.
එය හොඳින් වටහාගත් රජයක් වශයෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ සිටින සිසුන් 16,000කට පමණ පහසුකම් සැපයිය හැකි ලෙස, දීපව්‍යාප්ත වශයෙන් විශ්වවිද්‍යාල තුළ නේවාසිකාගාර 55ක් ඉදිකිරීමේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.
එමඟින්, සබරගමුව විශ්වවිද්‍යාලයට සහ රජරට විශ්වවිද්‍යාලයට නේවාසිකාගාර 7 බැගින්ද, අග්නිදිග විශ්වවිද්‍යාලයට නේවාසිකාගාර 6ක්ද, නැගෙනහිර විශ්වවිද්‍යාලයට නේවාසිකාගාර 5ක්ද, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයටත් නේවාසිකාගාර 6ක්ද වශයෙන් ලබා දීමට සැලසුම් සකස් කර තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට සහ වයඹ විශ්වවිද්‍යාලයට නේවාසිකාගාර 4 බැගින් වෙන් කර තිබෙන අතර, රුහුණු විශ්වවිද්‍යාලයට නේවාසිකාගාර 4ක්ද, යාපනය විශ්වවිද්‍යාලයට නේවාසිකාගාර 2ක්ද, මොරටුව, ත්‍රිකුණාමලය සහ ගම්පහ වික්‍රමආරච්චි යන විශ්වවිද්‍යාලවලට නේවාසිකාගාර 2 බැගින් ද එම ව්‍යාපෘතිය ඔස්සේ ලබාදීමට නියමිත බව සඳහන්.
මේ අතර වවුනියාව විශ්වවිද්‍යාලයේ නව නේවාසිකාගාරයට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වූ අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ, මෑතකදී ශිෂ්‍ය සුබසාධනය සඳහා සිදුකරන විශාලතම ආයෝජනය සිදුකිරීමට රජයක් වශයෙන් හැකිවූ බවයි.
එසේම විශ්වවිද්‍යාල තුළ යටිතල පහසුකම් ගොඩනැගීමේදී නව විශ්වවිද්‍යාලවලට සහ නගරාසන්න ප්‍රදේශවලින් බැහැරව ඇති විශ්වවිද්‍යාල සඳහා වැඩි අවධානයක් යොමු කරන බවද ඇය සඳහන් කළා.
මෙම ව්‍යාපෘතිය ඔස්සේ අග්නිදිග, නැගෙනහිර, රජරට සහ ඌව වෙල්ලස්ස යන විශ්වවිද්‍යාලවලට වැඩි අවධානයක් යොමු කර ඇති බව ද අගමැතිනිය වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ අතර ඇය පැවසුවේ නවක වදය කිසිසේත්ම අනුමත නොකරන බවත්, එවැනි සිදුවීම් වැළැක්වීමට සෑම පියවරක්ම ගන්නා බවත් ය.
එසේම සිසුන් විසින් සිදු කරන සෑම ශිෂ්‍ය ක්‍රියාකාරකමක්ම, නවක වදය ආශ්‍රිත ක්‍රියාකාරකම් වශයෙන් වැරදි වැටහීමක් ද ඇති කර නොගත යුතු බව ද ඇය සඳහන් කළා.
තවද විශ්වවිද්‍යාල යනු රටේ අනාගත නායකත්වය බිහිකරන ස්ථාන වන බැවින්, විශ්වවිද්‍යාල සිසුන්ට ගුණාත්මක අධ්‍යයන ක්‍රියාකාරකම්, අංගසම්පූර්ණ යටිතල පහසුකම් මෙන්ම නිවැරදි දේශපාලන සංස්කෘතික ජීවිතයක් ද ලබාදිය යුතු බව කී අග්‍රාමාත්‍යවරිය, විශ්වවිද්‍යාල තුළ නිදහස් අධ්‍යාපන සංස්කෘතියක් ඇති පරිසරයක් ඇති කිරීමේ බලාපොරොත්තුව මත රජය මෙම ආයෝජන සිදුකරන බවත් කියා සිටියා.
මේ අතර එම අවස්ථාව සඳහා පළාත් ආණ්ඩුකාර එන්. වේතානයගම්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සහ නියෝජ්‍ය අමාත්‍ය ආර්. එච්. උපාලි සමරසිංහ යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. තිලගනාදන් සහ එම්. ජෙගදීස්වරන් යන මහත්වරුන් මෙන්ම, වවුනියාව විශ්වවිද්‍යාලයේ උප කුලපතිතුමා ප්‍රමුඛ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල නිලධාරීන් සහ සිසුන් පිරිසක් එක්ව සිටියා.
රටක් ආදරය කරන ප්‍රවීන ගායන ශිල්පිනියක් තමයි සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ .
ඒ අයව කනස්සල්ලට පත් කරමින්
ඇයට රෝගයක් ඇති බවට සමාජ මාධ්‍යයේ කතාවක් නිර්මාණය වී තිබේ .
මේ ගැන
ඇය විසින්ම ෆේස්බුක් හරහා වීඩියෝවකින් සදහන් කළේ මෙවන් අදහසක්
මම මේ වීඩියෝ එක කරන්නේ මට සහ මගෙ පවුලේ අයට ආදරේ කරන ඔයාලා වෙනුවෙන් .මට අසනීපයි කියලා යූටියුබ් එකේ  AI වීඩියෝ එකක් දාලාඑක වෙලාවකට හිනහත් යනවා. හිතන්න ඕනේ මෙහෙම අසනීපයක් ගැන දාද්දී එයාලටත් පවුලේ අයටත් . එයාලට දරුවො ඉන්නවන්ම් ඒ අයටත් ඒ හම්බ කරන සල්ලි වගතුගක් නෑ කියල .මම තමයි ඒ වීඩියෝ එකෙන් කතා කරලා තියෙන්නේ හැබැයි. මම ගැන නෙමේ කියන්නේ . අවුරුදු 5 කට කළින් නැතිවුන අම්මා වෙනුවෙන් තමයි මම ඒ වීඩියෝ එක කළේ අවුරුදු 5 කට කළින් . ඒකේ කොටස් එඩිට් කරලා තමයි AI වීඩියෝ එකක් විදිහට මට අසනීපයක් තියනවා කියලා හදලා දාලා තියෙන්නේ .
ඇත්තටම සල්ලි නැත්නම් මට එයාට උදව් කරන්න තිබුණා . ඇත්තටම ඒක කැත වැඩක් . මට ආදරය කරන අය ගොඩක් මට කතා කළා. අපිනම් අපි වෛර කරන කෙනෙකුටවත් මේවගේ අසනීපයක් හිතන්නේ නෑ.ඔයාල විශ්වාස කරන්න එපා මේවගේ දේවල් .
ඒ වගෙම ඒ ගැන එතුමියගේ  දුව  කාවින්ද්‍යා  අධිකාරි සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් සදහන් කලේ මෙවන් අදහසක්
ඉවසං ඉන්නවා හැමදාම මොන මගුල දැම්මත්.. හැබැයි මේ වගේ බොරු කතා පතුරුවන එක ගැන නම් ඉවසන්නේ නෑ...
ඇත්තටම අත පය තියෙනවා නම්, මෙච්චර කතා හොඳට ගොතලා බොරු දේවල් කියන්න, කරන්න, හදන්න වෙලාවක් තියෙනවා නං අනුන්ගේ ජීවිත ගැන බොරු නොදා තමන්ට වැඩක් වෙන දෙයක් කරගන්න උත්සහ කරන්න බැරි ද?
තව මනුස්සයෙක් ගෙ ජීවිතේ ගැන බොරු ගොතලා මොකක් ද ඒ ලැබෙන අමුතු ලල් එක?
මීට ටික කාලෙකට කලින් මම මහණ වෙලා කිව්වා, මම කෝටිපති ව්‍යාපාරකයෙක් එක්ක යාලූයි කිව්වා, මම බැන්ඳට පස්සේ මාසෙකින් divorce කිව්වා, මෑතකදී මම pregnant කියලා, දවස් කීපයකින් මගෙ ළමයා නැති වෙලා කිව්වා...
මෙවැනි නොයෙක් කටකතා පැතිරුණා. හැබැයි සමහර දේවල් ඉවසන්න අමාරුයි.
මං ගැන ඕන මගුලක් දාගන්න, මට ඒක ඉවසන්න පුලුවන්. හැබැයි මෙවැනි දරුණු කටකතා මම ඉවසන්නේ නෑ!
මේ රටේ ලෝකේ වෙන දේවල් අප්පිරියයි...
සමහර මිනිස්සුන් ගෙ හිත්වල තියෙන එවා අප්ප්‍රසන්ණයි!
මනුස්සකං ඉහලින් තියෙන රටක් කිව්වාට කෝ? මනුස්සයෙක් ව රිද්දලා, ඔවුන් ව අසරණ කරලා දාන එක ද මනුස්සකම?
මගේ මම්මා (අම්මා ගෙ අම්මා) ගැන කියන කතාවක වීඩියෝවක් edit කරලා මේ video එකේ ඇතුලත් කරලා තියෙන්නේ...
මේවා බලන බොහෝ දෙනාගෙන් කාරුණිකව ඉල්ලන්න තියෙන්නේ... ඔයාලා social media වල දකින හැමදේම විශ්වාස කරන්න එපා, අපි අපේ කටින් media වල දෙයක් කිව්වොත් ඇරෙන්න.
අපි හැමදාටම ජීවත් වෙන මිනිස්සු නෙමේ දෙයියනේ!
මේ ඉන්න ටික කාලෙ වත් මනුස්සයෙක් ට සැනසීමෙන් ජීවත් වෙන්න දෙන්න තාමන් ගෙ පාඩුවේ අනෙකා රිද්දන්න වැඩ නොකර!
-කවී
කෙසේ වෙතත් තවත් කෙනෙක් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ බොරුවක් ප්‍රචාරය කිරීම  කිසිසේත්ම සුදුසු නොවේ. එය මානුශීය නොවේ .
ඒ නිසා හැම කෙනෙකුටම ආදරෙන් කටයුතු කරමු .
පූනාගල, කබරගල “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීමේ උත්සවය අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
උත්සවයේදී ජනාධිපතිවරයා සිය කථාව සිදු කිරීමෙන් අනතුරුව, වැඩසටහනට එක් වූ බණ්ඩාරවෙල දෙමළ මහා විද්‍යාලයේ දරු දැරියන් විසින් සාම්ප්‍රදායික නර්තන අංගයක් ඉදිරිපත් කරනු ලැබීය.
නර්තන අංගය අවසන් කිරීමෙන් අනතුරුව එයට සහභාගි වූ දරු දැරියන් ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් තමන් සමඟ ඡායාරූපයකට පෙනී සිටින ලෙස ඉල්ලා සිටියහ.
දරුවන්ගේ එම ඉල්ලීමට සුහදව ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ එක්ව ඡායාරූපයකට පෙනී සිටියේය.
මෙම අවස්ථාව උත්සවයට සහභාගි වූ දරු දැරියන්ට මෙන්ම ඔවුන්ගේ ගුරුවරුන්ටද සුවිශේෂී මතකයක් බවට පත්විය.
ශ්‍රී ලංකා රුපියල් බැඳුම්කර සඳහා විදේශ ආයෝජකයන්ගේ ආයෝජන තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, අගෝස්තු 21න් අවසන් වූ සතිය තුළ පමණක් ඔවුන් රුපියල් බිලියන 8.3ක පමණ, එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 25.5ක ශුද්ධ ආයෝජනයක් සිදුකර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත පෙන්වා දෙයි.
මෙම ආයෝජනයත් සමඟ ජුනි 19 සිට අඛණ්ඩව සති 10ක් තුළ රජයේ සුරැකුම්පත්වලට විදේශ ආයෝජකයන් සිදුකර ඇති සමස්ත ශුද්ධ ආයෝජනය රුපියල් බිලියන 81.2ක් හෙවත් ඩොලර් මිලියන 246.3ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව රුපියල් බැඳුම්කරවල විදේශ ආයෝජකයන් සතු කොටස රුපියල් බිලියන 202.5ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය මහ බැංකුව විසින් නිකුත් කරන සතිපතා ආර්ථික දර්ශක වාර්තාවේ මෙතෙක් සඳහන් කර ඇති ඉහළම අගයයි.
කෙසේ වෙතත්, මහ බැංකු නිලධාරීන් පෙන්වා දෙන්නේ ආර්ථික තත්ත්වයන්ට අනුව සතියේ වැඩ කරන දිනවල මෙම අගය දෛනිකව වෙනස් විය හැකි බැවින්, එය ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය බව නිශ්චිතව පැවසිය නොහැකි බවයි.
විශ්ලේෂකයන් පවසන්නේ රුපියලේ අගය සාපේක්ෂව ස්ථාවර වීමත් සමඟ විදේශ ආයෝජකයන්ගේ රුපියල් බැඳුම්කර සඳහා ඇති උනන්දුව යළි ඉහළ ගොස් ඇති බවයි.
මේ වසරේ මැයි 21 වනදා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අනුපාතය වසර තුනකට ආසන්න කාලයකට පසු පහළම මට්ටම වන රුපියල් 354ක් දක්වා අවප්‍රමාණය වූ අතර, පසුව එය යළි ශක්තිමත් වී රුපියල් 333ක පමණ මට්ටමකට පැමිණ තිබේ.
කෙසේ වෙතත්, අගෝස්තු 21 වනදා වනවිට මේ වසරේ රුපියලේ සමස්ත අවප්‍රමාණය 6.1%ක් ලෙස වාර්තා වී ඇත.
වසර තුනකට වැඩි කාලයක් සාපේක්ෂව ස්ථාවරව පැවති රුපියල මැයි මාසයේදී සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වූ අතර, මැදපෙරදිග පවතින ගැටුම් හමුවේ ඉන්ධන සහ වාහන ආනයන ඉහළ යාම ඊට බලපෑ බව මහ බැංකුව සඳහන් කර තිබිණි.
මේ අතර, මැදපෙරදිග තත්ත්වය තවදුරටත් උග්‍රවීමත් සමඟ ගෝලීය ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් ආයෝජකයන් තුළ පවතින්නේද යම් අවිනිශ්චිතතාවක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මෙම වසරේ මේ දක්වා ශ්‍රී ලංකා රුපියල් බැඳුම්කර වෙළෙඳපොළ වෙත ලැබී ඇති සමස්ත විදේශ ආයෝජන ප්‍රවාහය රුපියල් බිලියන 61.2ක් පමණ වන අතර, පසුගිය වසරේදී එය රුපියල් බිලියන 71.5ක ශුද්ධ ආයෝජනයක් ලෙස වාර්තා විය.
විශ්ලේෂකයන්ට අනුව, පසුගිය කාලයේ ශ්‍රී ලංකාව අනුගමනය කළ ඉල්ලුම පාලනය කිරීමේ සහ ආනයන සීමා කිරීමේ ප්‍රතිපත්තිද විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට යම් දුරකට හේතු වී තිබේ.
කෙසේ වෙතත්, ඉන්ධන මිල සැලකිය යුතු ලෙස ඉහළ දැමීමෙන් පසු පසුගිය මාස තුන තුළ මෙරට උද්ධමනය යළි ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර තිබේ. ජුනි මාසයේ අවසන් සතියේදී රජය ඉන්ධන මිල අඩු කළ අතර, ජූලි මාසයේදීද එම මිල ගණන් ස්ථාවරව පවත්වාගෙන ගියේය.
මේ දිනවල පහළ ගොස් ඇති රන් මිල අද (28) දින ඊයේ (27) දිනයට සාපේක්ෂව යළි පහළ ගොස් ඇත.
ඒ අනුව අද දින රන් මිල ගණන් වාර්තා වූයේ පහත සඳහන් ආකාරයටයි.
ඒ,
කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 369,990ක් සහ එහි විකුණුම් මිල රුපියල් 393,015ක්
කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 338,915ක් සහ එහි විකුණුම් මිල රුපියල් 359,913ක්
කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 323,725ක් සහ එහි විකුණුම් මිල රුපියල් 343,930ක්
කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 277,490ක් සහ එහි විකුණුම් මිල රුපියල් 294,715ක් ලෙස වාර්තා විය.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.
අද  දිනයේදී ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් වී තිබේ.
ඒ අනුව, අඟහරුවාදා දිනයට සාපේක්ෂව බැංකු කිහිපයක ඇමරිකානු ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාතික පහත වැටී ඇති අතර, විකුණුම් අනුපාතිකය රු. 332ට ආසන්න මට්ටමක පවතී.
සෙලාන් බැංකුවේ ඇමරිකානු ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 324.35ක් ලෙසත්, විකුණුම් අනුපාතිකය රු. 333.60ක් ලෙසත් නොවෙනස්ව පවතී.
NDB බැංකුවේ ගැනුම් අනුපාතිකය රු. 324.00 සිට රු. 323.50 දක්වා පහත වැටී ඇති අතර, විකුණුම් අනුපාතිකය රු. 333.00 සිට රු. 332.50 දක්වා අඩු වී තිබේ.
මහජන බැංකුවේ ගැනුම් අනුපාතිකය රු. 324.45 සිට රු. 323.96 දක්වා පහත වැටී ඇති අතර, විකුණුම් අනුපාතිකය රු. 332.50 සිට රු. 331.99 දක්වා අඩු වී ඇත.
කොමර්ෂල් බැංකුවේ ගැනුම් අනුපාතිකය රු. 322.60 සිට රු. 322.35 දක්වා පහත වැටී ඇති අතර, විකුණුම් අනුපාතිකය රු. 332.50 සිට රු. 332.25 දක්වා අඩු වී තිබේ.
සම්පත් බැංකුවේ ඇමරිකානු ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 324.50 සිට රු. 324.00 දක්වා පහත වැටී ඇති අතර, විකුණුම් අනුපාතිකය රු. 332.50 සිට රු. 332.00 දක්වා අඩු වී ඇත.
යුරෝපා සංගමයේ GSP+ පහසුකම සඳහා ශ්‍රී ලංකාව 2028 වසර අවසානයේදී යළි අයදුම් කිරීමට බලාපොරොත්තු වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ නිලධාරීන් පිරිසක් සමඟ පැවැති හමුවකදීය.
GSP+ සහනය ලබාගැනීමේ ක්‍රියාවලියේදී යුරෝපා සංගමයේ සාමාජික රටවල මිතුරන්ගේ සහයෝගය අඛණ්ඩව අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම, රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම, සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම ඇතුළු ක්ෂේත්‍ර සම්බන්ධයෙන් රජය ගෙන ඇති සහ ගනිමින් සිටින ප්‍රගතිශීලී පියවර පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබේ.
යුරෝපා සංගමයේ සංශෝධිත GSP+ නීති රීති යටතේ 2028 දෙසැම්බර් වන විට එම පහසුකම සඳහා යළි අයදුම් කිරීමට ශ්‍රී ලංකාව සූදානම් වන බවද ඔහු පැවසීය.
GSP+ සහනය ලබාදීම මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, යහපාලනය සහ පාරිසරික ආරක්ෂාව සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූල වීම මත තීරණය කෙරෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම, නියමිත කාල රාමුව තුළ GSP+ සඳහා අයදුම් කිරීමට අවශ්‍ය කටයුතු සම්පූර්ණ කරමින්, අදාළ ක්ෂේත්‍රවල පවතින ගැටලු විසඳීමට රජය බලාපොරොත්තු වන බවද විජිත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
නේපාලයට බලපෑ දැවැන්ත හදිසි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 469 දක්වා ඉහළ ගොස් ඇති අතර, පුද්ගලයන් 1,400කට අධික පිරිසක් තවදුරටත් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.
අතුරුදන් වූ විදේශිකයන් අතර වැඩිම පිරිසක් ඉන්දියානුවන් වන අතර, නේපාල සංචාරක මණ්ඩලයේ නවතම දත්ත අනුව ඉන්දියානු ජාතිකයන් 178 දෙනෙකු පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.
තවත් ඉන්දියානුවන් 11 දෙනෙකු මුදාගෙන තිබේ.
අතුරුදන්ව සිටින පිරිස අතර නේපාලයේ සංචාරය කළ විදේශීය සංචාරකයන් මෙන්ම හිමාලය හරහා ගමන් කළ ට්‍රෙකර්වරුන් සහ ටිබෙටයේ පූජනීය කයිලාෂ් කන්ද වන්දනා කිරීමට ගිය හින්දු බැතිමතුන් ද සිටින බව සඳහන් වේ.
මේ අතර, නේපාලය සහ චීනය අතර පිහිටි රසුවාගාධි දේශසීමා මුරපොළ ප්‍රදේශයේ තත්ත්වය දැඩි අවදානමකට පත්ව තිබේ. නව චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙන්වා දෙන්නේ ග්ලැසියර ආශ්‍රිත ගංවතුර හේතුවෙන් එම දේශසීමා මුරපොළ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි.
එමෙන්ම, චීන බලධාරීන් පවසන්නේ ටිබෙට්–නේපාල දේශසීමාවේ විශාල ජල කඳක් එක්රැස් වෙමින් පවතින බවත්, එය බැම්මක් බිඳී යාමක් වැනි ආපදා තත්ත්වයකට ලක්වුවහොත් පහළ ප්‍රදේශවලට තවදුරටත් දැඩි බලපෑම් එල්ල විය හැකි බවත්ය.
චීනයෙන් නව අනතුරු ඇඟවීමක්
නේපාල දේශසීමාව ආසන්න ටිබෙට් ප්‍රදේශයට චීනය විසින් සිව්වැනි මට්ටමේ හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
බදාදා සිදුවූ නායයෑමකින් පසු ගංගා දෙකක් එක්වන ස්ථානයේ නිර්මාණය වූ මෙම ජල කඳ තුළ බ්‍රහස්පතින්දා උදෑසන වනවිට ඝන මීටර් මිලියන දෙකක පමණ ජල ප්‍රමාණයක් එක්රැස් වී තිබූ බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රදේශයට තවදුරටත් වර්ෂාපතනයක් ලැබුණහොත් ජල ප්‍රවාහය ඝන මීටර් මිලියන තුනක් පමණ දක්වා ඉහළ යා හැකි අතර, එමගින් ජල කඳේ බැම්ම බිඳී යාමේ අවදානමක් පවතින බව චීන බලධාරීන් අනතුරු අඟවා තිබේ.
එවැනි තත්ත්වයක් ඇති වුවහොත් චීන–නේපාල දේශසීමාවේ ගිරොං වරාය ඇතුළු පහළ ප්‍රදේශවලට තවදුරටත් දැඩි හානි සිදුවිය හැකි බවටද අනතුරු අඟවා ඇත.
අතුරුදන් වූවන් සොයා දැවැන්ත මෙහෙයුමක්
ගංවතුර සහ මඩ පහර හේතුවෙන් විනාශ වූ කඳුකර ප්‍රදේශවල අතුරුදන් වූ පුද්ගලයන් සොයා නේපාල ආරක්ෂක අංශ සහ හමුදා හෙලිකොප්ටර් යොදා ගනිමින් දැවැන්ත සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
ග්ලැසියරයක් කඩා වැටීමෙන් ඇති වූ දැවැන්ත ජල හා මඩ පහරක් කඳුකර ප්‍රදේශ හරහා ගලා යාමත් සමඟ නිවාස, ගොඩනැගිලි සහ පාලම් රැසක් විනාශ වී තිබේ.
හිමාලයානු කඳුකරයේ ඇති ග්ලැසියර දියවීම සහ අධික වර්ෂාපතනය හේතුවෙන් මෙවැනි ගංවතුර හා නායයෑම් ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති බව විශේෂඥයන් පෙන්වා දෙති. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන දේශගුණික විපර්යාස සමඟ ග්ලැසියර දියවීමේ වේගයද ඉහළ ගොස් තිබේ.
විදෙස් සහාය සම්බන්ධයෙන් නේපාලයේ තීරණය
මේ අතර, සෝදිසි සහ මුදාගැනීමේ කටයුතු සඳහා විදෙස් රටවල් කිහිපයක් ඉදිරිපත් කළ කණ්ඩායම් සහාය නේපාල රජය ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නේපාල රජයේ අදහස වී ඇත්තේ එරට ආරක්ෂක අංශවලට දැනට සිදුකරන සෝදිසි සහ මුදාගැනීමේ මෙහෙයුම් තනිවම කළමනාකරණය කළ හැකි බවයි.
ඒ වෙනුවට විදෙස් රටවලින් මූල්‍ය ආධාර එක් ක්‍රමවේදයක් යටතේ ලබාගැනීමට නේපාලය අවධානය යොමු කර ඇති බව සඳහන් වේ.
ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය හා අනෙකුත් සහාය පසුව ලබාගැනීමටද රජය අපේක්ෂා කරයි.
මේ වනවිට රටවල් කිහිපයක් නේපාලයට මූල්‍ය ආධාර ලබාදීමට ඉදිරිපත් වී ඇති අතර, තවත් රටවල් සෝදිසි, මුදාගැනීම්, පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහාය දැක්වීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ.
ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සහ වෛද්‍ය සැපයුම් අංශය (MSD) අතර හටගෙන ඇති ආයතනික සම්බන්ධීකරණ දෝෂයක් හේතුවෙන්, පිළිකා රෝගීන්ට අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක එන්නත් 160,000ක ප්‍රමාණයක් වෛද්‍ය සැපයුම් ඒකකයේ ගබඩාවල සිරවී ඇති බවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දී ඇත.
තවද අදාළ එන්නත එන තනි පෙට්ටියෙහි සියලු දත්ත හා එම සිලින්ජරයේ ඉදිරිපස නිවැරදි ලේබලය, නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වීමේ දිනය මෙන්ම නිෂ්පාදනයේ ගුණාත්මක බව නිවැරදිව සඳහන්ව තිබියදීත්, ලේබලයේ පිටුපස ඇති පරිපාලනමය ගැටලුවක් මුල් කරගනිමින් වෛද්‍ය සැපයුම් ඒකකය විසින් මෙම ඖෂධ භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වී ඇත
රුපියල් 900ක වැනි වටිනාකමක් ඇති මෙම එන්නත මේ වනවිට කළුකඩ මිලට අලෙවිවන බවත්, එය රුපියල් 25,000කට වැඩි බවත් වාර්තා වේ.
එහෙත් මිල ගණන්වලටද මෙම එන්නත් ලබාගැනීමට නොහැකි බව සදහන් ය.
තවද 'කීමෝතෙරපි' ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම සඳහා මසකට රෝගීන් 25,000කට ආසන්න පිරිසකට මෙම එන්නත් අනිවාර්‍යෙන්ම අවශ්‍යය.
මෙම එන්නත් තොගය සිලින්ජරයෙ පිටුපස ලේබල් කිරීම සඳහා යළි හරවා යැවුවහොත් එම තොගය මෙරටට නැවත ලැබීමට අවම වශයෙන් මාස 3ක කාලයක් ගතවේ.
ඒ අනුව ඉදිරි මාස 3 ඇතුළත පිළිකා රෝගීන් 75,000ක් පමණ දැඩි ජීවිත අවදානමකට මුහුණ දීමට සිදුවනු ඇත
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් සදහන් කළේ මෙම අර්බුදයට කඩිනම් විසඳුමක් ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා වහාම මැදිහත් වී සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්, පිළිකා රෝග විශේෂඥයන් සහ රුධිර රෝග පිළිබඳ විශේෂඥයන් සම්බන්ධ කරගනිමින් හදිසි සාකච්ඡාවක් පවත්වා මෙම එන්නත් තොගය, රෝගීන් වෙත ලබාදීමට පියවර ගත යුතු බව ජාතික මට්ටමේ අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් බවයි .
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
විස්තීරණ ණය පහසුකම යටතේ ක්‍රියාත්මක වැඩසටහනේ මීළඟ සමාලෝචනය සිදු කිරීම සඳහා මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනේ 7 වැනි සමාලෝචනය සිදු කිරීමට නියමිත අතර, 8 වැනි ණය වාරිකය ශ්‍රී ලංකාවට මුදාහැරීම සම්බන්ධයෙන්ද සලකා බැලීමට නියමිතව තිබේ.
අදාළ සමාලෝචනය සාර්ථකව අවසන් වුවහොත්, ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 330කට ආසන්න මුදලක් ලබාගැනීමට හැකි වනු ඇතැයි වාර්තා වේ.
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් සහ ස්වාභාවික ගෑස් ගවේෂණ කටයුතු ආරම්භ කිරීමට රජය සූදානම් වෙමින් සිටින බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
මන්නාරම ස්වභාවික සම්පත්වලින් පොහොසත් ප්‍රදේශයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ලුණු ඇතුළු විවිධ ඛනිජ සම්පත් එම ප්‍රදේශයේ පවතින බව සඳහන් කළේය.
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණ කටයුතු සඳහා අවශ්‍ය ගිවිසුමක් පසුගියදා අත්සන් කර ඇති බවත්, ඒ අනුව ඉදිරියේදී ගවේෂණ කටයුතු ආරම්භ කිරීමට රජය සූදානම් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් සහ ස්වාභාවික ගෑස් සම්පත් සාර්ථකව හඳුනාගතහොත්, රට මුහුණ දී සිටින තෙල් හා ගෑස් අර්බුදයට විසඳුම් සෙවීමේදී මන්නාරම් දිස්ත්‍රික්කයට වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව ප්‍රකාශ කළේ ජාතික ලුණු සමාගමේ මන්නාරම ලේවායේ නව පාලන ගොඩනැගිල්ල සහ ගබඩා සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට ඊයේ (27) එක්වෙමිනි.