ගෙලිඔය බස් - ත්‍රිවිල් අනතුරෙන් කාන්තාවක් මරුට
පේරාදෙණිය පොලිස් බල ප්‍රදේශයේ ගෙලිඔය, කරමඩ ප්‍රදේශයේ අද (12) දහවල් රිය අනතුරක් සිදු විය.එම අනතුරෙන් එක් කාන්තාවක් මරණයට පත්වී ඇත.
මෙම අනතුර ප.ව. 1ට පමණ සිදු වූ අතර, මියගිය කාන්තාව 35 හැවිරිදි එක්දරු මවක් වන බව පේරාදෙණිය පොලීසිය සඳහන් කරයි.
අනතුර සිදුවීමට හේතුව වූයේ, නුවරඑළිය සිට කොළඹ දක්වා අධික වේගයෙන් ධාවනය වූ පුද්ගලික බස් රථයක්, මාර්ගයෙන් ඉවත නවතා තිබූ ත්‍රිරෝද රථයට ගැටීමයි.
එම ත්‍රිරෝද රථය කාන්තාවගේ නිවසේ පවත්වාගෙන ගිය වෙළෙඳසැලට ගැටීමෙන් මෙම අනතුර සිදු විය.
මෙහිදී, වෙළෙඳසැලේ සිටි කාන්තාව මරණයට පත්ව, ඇගේ සය හැවිරිදි දැරිය තුවාල ලබා, පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
ත්‍රිරෝද රථයේ රියදුරාද බරපතළ තුවාල ලබා ඇත. බස් රථයේ රියදුරා මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇති අතර, පේරාදෙණිය පොලීසියේ රථ වාහන අංශය අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වාගෙන යයි.