හදිසියේම පත් කළ අතුරු කමිටුව හදිස්සියේම ඉවත් කරගත්තේ ඇයි? - ක්‍රීඩා ඇමති සත්‍ය පහදයි. - (VIDEO)

Parliament of Sri Lanka Ranil Wickremesinghe Roshan Ranasinghe Sri Lanka Cricket Sri Lanka
By Wayomi Nov 07, 2023 09:13 AM GMT
Wayomi

Wayomi

Report

තමන් විසින් පත්කරන ලද ක්‍රිකට් අතුරු කමිටුව ඉවත් කරන ලෙස, කැබිනට් මණ්ඩලයෙන් අනතුරුව ජනපතිවරයා විසින් දැනුම්දුන් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, සම්බන්ධයෙන් සවිස්තරාත්මක ප්‍රකාශයක් හෙට දිනයේ පාර්ලිමේන්තුවට සිදුකරන බව පැවසූ අමාත්‍ය වරයා වැඩි දුරටත් කියා සිටියේ මෙවැන්නක්,

"කැබිනට් මණ්ඩලය ඇතුළේ වෙච්ච සිදුවීම් මට කියන්න බෑ. සාමූහික වගකීම මම ආරක්ෂා කරන්න ඕන. නමුත් ජනාධිපතිතුමා පස්සේ කාර්යාලයට කතා කරලා කිව්වේ කමිටුව පත්කරපු එක අයින් කරන්න. එහෙම නැතිනම් ක්‍රීඩා නීතිය එතුමා යටතට ගන්නවා කිව්වා. මම කිව්වා ජනාධිපතිතුමා ක්‍රීඩා නීතිය නෙමෙයි, ඔබතුමා මාව අස්කරලා කැමති තීන්දුවක් ගන්න කියලා. මම කිව්වා කිසිසේත්ම පත්කරපු කමිටුව ඉවත්කරන්නේ නෑ කියලා. මේ ගොල්ලෝ කරලා තියෙන දූෂණ පට්ට හොරු රැළක්. ගැඹුර පෙන්නේ නෑ. දැන් හෙට අනිද්දා ගහන්න යනවා T 10 කියලා. ඒකෙ මගඩිය තව එකක්. දැන් විගණකාධිපති වාර්තාව ඇවිල්ලා මාස දෙකක්. පොලිස්පතිතුමාට යවනවා තාම විමර්ශනයක් නෑ. නීතිපතිතුමාට දෙනවා නඩු පවරන්න. මට කියනවා තවත් කමිටුවක් දාන්නලු. අධිකරණයට ගියත් විගණනය සම්බන්ධ ගැටලුවකට. අධිකරණයත් අහන්නේ විගණකාධිපතිගෙන්. මිනීමැරුමක්ද කියලා බලන්න දෙන්නේ අධිකරණ වෛද්‍යවරයාට වගේ මේක දෙන්නේ විගණකාධිපතිට. විගණකාධිපති විසින් වැරදියි, දූෂිතයි, නීතිමය දඬුවම දෙන්න කියන පණිවුඩය දීලා තියෙනවා මේ උත්තරීතර පාර්ලිමේන්තුවට. හැබැයි නීතිපති ක්‍රියාත්මක වෙන්නෙත් නෑ. මේ අරගලයක් එක්ක වගකීම භාරගත්තේ."




ReeCha